පලෙයි, මහනුවර යාපනය මාර්ගයේ වන්නන්කේණි හන්දිය අසලදී ඊයේ (05) පස්වරුවේදී මාර්ගයේ ගමන් කල කැබ් රථයක් ඊට විරුද්ධ දෙසින් පැමිණි පාපැදියක ගැටී පිරිමි දරුවෙකු මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.
මිය ගිය දරුවා වයස අවුරුදු 12 ක් වු පලෙයි ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවෙකි. කැබ් රථය හා ගැටුණු තුවාල ලැබු පාපැදිකරු පලෙයි රෝහලට ඇතුලත් කිරීමේදී මිය ගොස් ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත.
අනතුරින් පසු කැබ් රථයේ පලාගොස් ඇති අතර පසුව පලෙයි පොලිස් ස්ථානයේ නිලධාරින් විසින් සැකකාර රියදුරු අත්අඩංගුවට ගෙන ඇත. සිද්ධිය සම්බන්ධයෙන් පලෙයි පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ඇත.
 
			 
                                 
                                 
							












