27 April 2024
#දේශීය

බැංකු ණය පොලී අනුපාතය තවදුරටත් පහලට – මුදල් රාජ්‍ය අමාත්‍ය සියඹලාපිටිය

ආර්ථික ප්‍රසාරණයට රුකුලක් වෙමින් මහ බැංකුව ණය සහ තැන්පතු පොලී අනුපාතය තව දුරටත් පහළ දමා ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන්නේ ආර්ථිකය යථාවත් කිරීම සඳහා බැංකු කටයුතු කෙරෙහි ජනතාවගේ සහභාගීත්වය මේ අනුව ඉහළ යනු ඇති බවයි.

ආර්ථික අර්බුදයත් සමග ණය පොලී අනුපාතය 16.5% දක්වා ද තැන්පතු පොලී අනුපාතය 15.5% දක්වා 175%කින් ඉහළ නැංවීමට මහ බැංකුව මීට පෙර පියවර ගත්තේ ය. පසුව රජය විසින් ගත් ආර්ථික තීරණවල ප්‍රතිඵල මත එම පොලී අනුපාතය 2.5%කින් අඩු කිරීමට හැකි විය. ඒ අනුව ණය පොලී අනුපාතය 14% දක්වා ද තැන්පතු පොලී අනුපාතය 13% දක්වා ද පහළ ගියේ ය. එහි තවත් පියවරක් ඉදිරියට යමින් පොලී අනුපාතය තවත් 2%කින් පහළ දමා තිබේ. ඒ අනුව ණය පොලී අනුපාතය 12%ත් ලෙස ද තැන්පතු පොලී අනුපාතය 11%ක් ලෙස ද පහළ ගොස් ඇත. ඒ අනුව එය පෙර පැවැති පොලී අනුපාත සමග සසඳන කල 75%ක පමණ පහළ යාමකි.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *