27 April 2024
#දේශීය

විරකැටියේ වෙඩි තැබීමකින් 14 හැවිරිදි දරුවෙකු ජිවිතක්ෂයට

වීරකැටිය, ගජනායකගම ප්‍රදේශයේ දී ඊයේ (19) සිදුකළ වෙඩිතැබීමකින් 14 හැවිරිදි දරුවෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දුව මහතා පැවසුවේ පවුල් ආරවුලක් දුරදිගයාමෙන් ඇති වූ ගැටුමක් අතරතුර සිදුකළ වෙඩිතැබීම සිදුව ඇති බවයි.

වෙඩි තැබු පුද්ගලයා මේ වන විට පලා ගොස් ඇති අතර ඔහුව සෙවීමට පොලිස් කණ්ඩායම් යවා ඇති බව ද තල්දුව මහතා පැවසිය.

සිද්ධිය සම්බන්ධයෙන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර විමර්ශන තංගල්ල පොලීසිය මගින් සිදුකරනු ලැබේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *