27 April 2024
#දේශීය

කම්කරු ජනතාව වෙනුවෙන් මීට වඩා හොඳ වැඩපිළිවෙලක් සකස් විය යුතුයි – ඇමැති නිමල්

කම්කරු ජනතාවට හිතකරන නීතිරාමුවක් ඇති කල යුතු බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවවේ අද (26) අමාත්‍යංශයේ ශ්‍රවණාගාරයේ පැවැති ශ්‍රම වාසනා ශිෂ්‍යත්ව ප්‍රධානය කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

2000 වසරේදී ආරම්භ වු ශ්‍රම වාසනා ශිෂ්‍යත්ව සහ අධ්‍යාපන ආධාර වැඩසටහන මෙවර පැවැත්වෙන්නේ 21 වරටයි. පෙරපාසල් සිට උසස් පෙළ දක්වා සිසුන් 100 කට ආසන්න ප්‍රමාණයකට ශිෂ්‍යත්ව සහ අධ්‍යාපන ආධාර ලබා දීම සිදු කෙරේ.

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ කම්කරු‍වන් වෙනුවෙන් පවතින නීතියට වඩා ජාතික වශයෙන් වැඩපිළිවෙලක් සකස් විය යුතු බවයි. එමෙනම් රටේ රක්ෂණ නීතිය වෙනස් විම අත්‍යවශ්‍ය බව හෙතෙම පැවසිය. එනම් හදිසි අනතුරින් මිය යන පිරිස් වෙනුවෙන් රුපියල් ලක්ෂ 50 ක වන්දියක් පිරිනැමිණ කල යුතු බව ඇති බව අමාත්‍යවරයා කියා සිටියේය.

තවද වතු කම්කරුවෙන් වෙනුවෙන් ලබා දීමට නියමිතව තිබු රුපියල් 1000 ක වැටුප් මුදල කැබිනට් මණ්ඩලයෙීද් අනුමැතිව හිමි වු බව අමාත්‍යවරයා මෙහිදී අනාවරණ කලේය.

කෙසේ වෙතත් තවත් ඒ සම්බන්ධයෙන් වතු හාම්පුතුන් හට කතා කිරීමට අවස්ථාව ඇති බවත් ඒ සඳහා තමා විවෘත මනසකින් සිටින බව හෙතෙම පැවසිය. ඒ අනුව පරිපාලන සභාව කැඳවා තීන්දු ගැනීමට පෙර වතු හාම්පුතුන් හට සාමුහික ගිවිසුමට අත්සන් කිරීමේ අවස්ථාවක් ඇති බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *