• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඔක්තෝම්බර් 01 වනදා සිට ග්‍රාම නිලධාරියාගේ සේවා කාලයේ වෙනසක්

23 September 2020
in දේශීය

ග්‍රාම නිලධාරින් සිය විවේක දිනය හැර දින 6ක් පැය 24 පුරාම තම කොට්ඨාසය තුළ රාජකාරි ඉටු කිරීමට බැඳී සිටින බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව 2020.10.01 දින සිට අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා දිනවල පෙරවරු 8.30 සිට 4.15 දක්වාත්, සෙනසුරාදා දින මධ්‍යහ්න 12.30 දක්වාත් මහජන සේවය සඳහා සිය කාර්යාලවල රැඳි සිටිය යුතු බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අත්සනින් මාධ්‍ය වෙත නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

සඳුදා දිනයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල කැඳවීම් හා අවශ්‍යතා අනුව කටයුතු කළ යුතු අතර ඉතිරි දින 3න් එක් දිනයක් විවේක දිනය ලෙස ද ඉතිරි දින 2 ක්ෂේත්‍ර රාජකාරි සඳහා ද යොදා ගතයුතු බවද එම නිවේදනයේ දැක්වේ.

අමාත්‍ය මණ්ඩලය විසින් පසුගියදා ගත් තීරණයකට අනුව බදාදා දිනය වෙනුවට සඳුදා දිනය මහජන දිනය ලෙස ප්‍රකාශයට පත්කර ඇති අතර ඊට සමගාමීව මෙම තීරණය ගෙන ඇත.

එමගින් ග්‍රාම නිලධාරින්ගේ රාජකාරි කටයුතු ඉටුකිරීම විධිමත් කිරීම සඳහා අභ්‍යන්තර ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා විසින් ස්වදේශ කටයුතු චක්‍රලේඛ අංක – 16/2020 ලෙස අදාළ චක්‍රලේඛය නිකුත්කර ඇත.

මේ පිළිබඳව තම කොට්ඨාසවල මහජනතාව දැනුම්වත් කිරීමට පියවර ගන්නා ලෙස ද ග්‍රාම නිලධාරින්ගෙන් ඉල්ලා සිටී.

Post Views: 9
Previous Post

20 සංශෝධනය කියන්නේ යක්ෂාගමනයක් – ජවිපෙ

Next Post

අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කිරීම නැවත දැනුම්දෙනතුරු අත්හිටුවයි

editor

editor

Next Post

අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කිරීම නැවත දැනුම්දෙනතුරු අත්හිටුවයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved