• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මිලාන් නුවරදී ශ්‍රී ලාංකිකයා ගැන විදේශ කටයුතු අමාත්‍යංශයෙන් පැහැදිලි කිරීමක් 

18 September 2018
in දේශීය

යෞවනයන් සිවු දෙනකු නීති විරෝධීව ඉතාලියට රැගෙන ඒමට උත්සාහ කළේය යන චෝදනාව මත රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් හිමි ශ්‍රී ලාංකිකයකු මිලාන් නුවර මල්පෙන්සා ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගත් බවට පළවූ ඉතාලි මාධ්‍ය වාර්තාවලින් අනතුරුව, එහි සත්‍ය අසත්‍යබව තහවුරු කරගැනීම පිණිස වහාම විමර්ශනයක් ආරම්භ කළ බව  විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

එම අමාත්‍යාංශය නිවේදනය කළේ මිලාන් නුවර පිහිටි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයේ නිලධාරීන් අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයා මුණගැසී ඇති අතර ඔහුගේ අනන්‍යතාව තහවුරු කොටගෙන ඇති බවයි.

විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් මෙසේ සඳහන් කර ඇත“ අත්අඩංගුවට පත් මෙම පුද්ගලයා වර්තමානයේදී කිසිදු ශ්‍රී ලංකා විදේශ දූත මණ්ඩලයක හෝ විදේශ කටයුතු අමාත්‍යාංශයේ හෝ සේවය නොකරන බව තහවුරු වී තිබේ. 

අදාළ පුද්ගලයා සතුව වලංගු රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් නොමැති අතර, ශ්‍රී ලංකාවේ රජයේ ආයතනයක සේවයේ නියුතු වීම පදනම් කරගෙන ඔහු වෙත නිකුත් කර ඇති නිල විදේශ ගමන් බලපත්‍රයක් මඟින් මෙම පුද්ගලයා ඉතාලිය බලා පිටත්ව ගොස් ඇත. මෙම පුද්ගලයා කොන්ත්‍රාත් පදනම මත 2012-2015 යන කාලය තුළ විදේශ රටක රාජ්‍ය තාන්ත්‍රික තනතුරක් දරා ඇති බවද කොන්ත්‍රාත් කාලය අවසානයේදී අවලංගු කරන ලද රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් මොහු සතුව තිබී ඇති බවද තහවුරු කරගෙන ඇත.

Post Views: 8
Previous Post

මුද්‍රණ හා ඇසුරුම් අපනයනයෙන් හොඳ ආදායමක් – ඇමැති රිෂාඩ්

Next Post

එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා සූර්ය බල ශක්ති උත්පාදන යෝජනා ක්‍රමය වෙනුවෙන් ADB වලින් රු. මි. 8000ක්

editor

editor

Next Post

එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා සූර්ය බල ශක්ති උත්පාදන යෝජනා ක්‍රමය වෙනුවෙන් ADB වලින් රු. මි. 8000ක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved