27 April 2024
#දේශීය

මධ්‍යම පළාතේ සංචාරක කර්මාන්තය දියුණු කිරිමට කමිටුවක් – මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත්

මධ්‍යම පළාතේ සංචාරක කර්මාන්තය සංවර්ධනය කිරීමේ අරමුණින් යුතුව මධ්‍යම පළාත් සංචාරක මෙහෙයුම් කමිටුවක් ස්ථාපිත කළ බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු ගමගේ මහතා පවසයි.

මධ්‍යම පළාත් සභාවේ රාජ්‍ය ආයතන සහ රේඛීය අමාත්‍යාංශ ඇතුලු දිවයිනේ සංචාරක කර්මාන්තය හා සබැදි රාජ්‍ය ආයතනවල සහයෝගීතාවයෙන් මෙම කමිටුව ස්ථාපිත කර තිබේ.

වැඩිදුරටත් අදහස් දැක්වු ආණ්ඩුකාරවරයා කියා සිටියේ මුහුදක් හැරුනු කොට සියලු සම්පත් වලින් පෝෂිත මධ්‍යම පළාතේ සංචාරක කර්මාන්තය සංවර්ධනය කරමින් ජාතික ආර්ථිකය සදහා වැඩි විදේශ විනිමයක් එක් කිරීමට හැකියාව ඇති බවත්, ඒ සදහා සියලු රාජ්‍ය ආයතන එක් වීම කාලීනව ඉතා වැදගත් වන බවත් පළාත් සභාව පිහිටුවා වසර 35ක් ගත ව ඇති බවත් තවමත් සැලසුම් සෑදීම ප්‍රමාණවත් නොවන බවත්ය. සංචාරක කර්මාන්තය තුල පවතින ගැටලු සම්බන්ධයෙන් තමා කාර්යාලයේ රැදී නොසිට අදාල ස්ථානයන් නිරීක්ෂණය කරමින් අදාල ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කළ බවත්, නව කමිටුව ස්ථාපනය මගින් එම ගැටලු වඩා පහසුවෙන් විසදීමට අවස්ථාව සැලසෙන බවද හෙතෙම පැවසිය.

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *