• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

බස්නාහිර පළාත තුළ ඩෙංගු පාලනයට පුළුල් වැඩසටහනක්

20 June 2023
in දේශීය

ඩෙංගු පාලනය සඳහා බස්නාහිර පළාත තුළ ආයතන හා පරිශ්‍ර පරීක්ෂා කිරීමේ පුළුල් වැඩසටහනක් ක්‍රියාවට නංවා තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ඒ අනුව සතියේ සෑම සඳුදා දිනකම පෞද්ගලික පාසල්, රජයේ පාසල්, පෙර පාසල්, පෞද්ගලික අධ්‍යාපන ආයතන, උසස් අධ්‍යාපන ආයතන (විශ්ව විද්‍යාල,පිරිවෙන්) පරීක්ෂාවට ලක් කෙරේ.

අඟහරුවාදා දින කර්මාන්ත ශාලාත්, බදාදා දින ඉදිකිරීම් සිදුවන වැඩ බිම්වලත්, බ්‍රහස්පතින්දා දින අනෙකුත් පෞද්ගලික ආයතනවලත්, සිකුරාදා අනෙකුත් රාජ්‍ය ආයතනවලත්, සෙනසුරාදා සහ ඉරිදා නිවාස හා ගෙවතු ආශ්‍රිතවත්, ඉරිදා ආගමික සිද්ධස්ථානත් පරික්ෂාවට ලක් කෙරෙනු ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කළ ඩෙංගු මර්දන විශේෂඥ කමිටුවේ බස්නාහිර පළාත් අනු කමිටුව පසුගියදා රැස් වූ අවස්ථාවේ දී යෝජනා කෙරුණු පරිදි මෙම තීරණයන්ට එළැඹ තිබේ.

එසේම, කිසියම් ආයතනයකට නියමිත දිනට පරිබාහිර දිනයක් යොදා ගැනීමට සිදුවන අවස්ථාවකදී ඒ පිළිබඳව අදාළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය දැනුවත් කිරීමට උපදෙස් දී ඇත.

මෙම පරීක්ෂාවන් අදාළ ආයතන විසින් පත් කර ගන්නා ස්වේච්ඡා කණ්ඩායමක් විසින් සතිපතා නියමිත දිනවලදී සිදු කර එම වාර්තා අදාළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත මාසිකව ලබා දිය යුතුය.

දෛනිකව වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව පාලනය වනතෙක්, ඩෙංගු මදුරු දෂ්ටනය අවම කිරීම සඳහා පෙර පාසල් සහ පාසල් සිසුන් සඳහා දෙමව්පියන්ට අමතර පිරිවැයක් නොයෙදවන පරිදි හැකිතාත් ශරීර ආවරණය වන ඇඳුමක් ඇඳීම සුදුසු බව ද යෝජනා කර තිබේ.

Post Views: 13
Previous Post

සාමාන්‍ය ජනතාවට බදු ගැසීම නිසා මුදල් අමාත්‍යංශයේ විශ්වාසනීයත්වය බිඳවැටෙනවා – මන්ත්‍රී පාඨලි

Next Post

P&S’මනු මෙහෙවර ව්‍යාපෘතිය’ හරහා ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලට ප්‍රතිඔස්මෝසිස් පද්ධතියක් පරිත්‍යාග කරයි

editor

editor

Next Post

P&S'මනු මෙහෙවර ව්‍යාපෘතිය' හරහා ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලට ප්‍රතිඔස්මෝසිස් පද්ධතියක් පරිත්‍යාග කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved