27 April 2024
#දේශීය

ඡන්දේ කල් දාන කුමන්ත්‍රණයක් – ඇමැති හකීම්

ආණ්ඩුව මැතිවරණය කල් දැමිමේ කුමන්ත්‍රණයක් දියත් කර ඇති බව ආණ්ඩුව පළාත් පාලන මැතිවරණය කල් දැමීමේ කුමන්ත්‍රණයක නිරත වී සිටින බව අමාත්‍ය රවුෆ් හකීම් මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (05) මහනුවර පැවති උත්සවයක් අමතමින්.

අලුත් මැතිවරණ ක්‍රමයක් සදා තිබුණත් සුළු ජාතීන්ට විශාල අසාධාරණයක් සිදු වී ඇති බව ඒ මහතා පැවසීය.

කඩිනමින් මැතිවරණයක් ඉල්ලා සිටි බවත් එහෙත් අලුත් ක්‍රමය පිළිබඳ කතා කරමින් දිගින් දිගටම මැතිවරණය කල් දැමීමේ කුමන්ත්‍රණයක ආණ්ඩුවේ සමහර පාර්ශව නිරත බව ඒ මහතා ප්‍රකාශ කළේය.

අලුත් ක්‍රමය තුළින් මැතිවරණය දැමීමට ඇතැම් ආණ්ඩුවේ මෙන්ම විපක්ෂයේද කණ්ඩායම් උත්සහා කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *