• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

එජාපයේ මහලේකම්ගේ යෝජනාව අස්සේ කුමන්ත්‍රණයක් – මන්ත්‍රි නිරෝෂන් 

30 May 2024
in දේශීය, පුවත්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය වසර 2කට කල් දැමීමටත්, අවශ්‍ය නම් ඊට අදාළ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ජනමත විචාරණයකට යාමටත්, එක්සත් ජාතික පක්ෂය කළ යෝජනාව පිටුපස දේශපාලන කුමන්ත්‍රණයක් ඇති බව සමගි ජනබලවේගයේ විදේශ කටයුතු ලේකම් , පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් පෙරේරා මහතා පවසයි.

මන්ත්‍රිවරයා මේ බව පැවසුවේ අද (30) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමිනි.

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා සිදුකළ මෙම ප්‍රකාශය හරහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට තිබුණ ජන පදනමටත් හානි වන බව නිරෝෂන් පෙරේරා මහතා කියා සිටියේය.

එමෙන්ම පොලිස් ආඥා පනත අනුව නොව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව රට තුළ ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයක් පැවැත්වීමට රජය කටයුතු කළ යුතු බවත් නිරෝෂන් පෙරේරා මහතා පැවැසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් පෙරේරා මහතා ‘‘එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය වසර දෙකකින් කල් දැමිය යුතුයි කියන ප්‍රකාශයට විශාල විරෝධයක් රට තුළ මතුවෙලා තිබෙනවා. මෙම ප්‍රකාශය දේශපාලනිකව විශාල ගින්නක් ලෙස පැතිර ගොස් තිබෙනවා. ඒ වගේම පාලිත රංගේ බණ්ඩාර මහතා විසින් සිදුකළ ප්‍රකාශය දේශපාලන කුමන්ත්‍රණයක් ලෙස තමයි සමගි ජනබලවේගය දකින්නේ. හිතාමතාම දේශපාලන වශයෙන් රට වියවුලකට පත් කරන්නත් , රටේ තිබෙන ප්‍රශ්න ජනතාවට අමතක කරවන්න මෙවැනි දේශපාලන කුමන්ත්‍රණ දෙසට ජනතාවගේ අවදානය යොමු කරවන්නට එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් කටයුතු කර තිබෙනවා. ජනාධිපතිවරයාට තිබුණ ඡන්ද පදනමත් නැති වීමට එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා සිදුකළ ප්‍රකාශය බලපානවා. පාලිත රංගේ බණ්ඩාර මහතාව කැඳවලා ඔහු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පියවරක් ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්තයා අපොහොසත් වී තිබෙනවා. එක්සත් ජාතික පක්ෂය කපුටන් සමඟ ඩීල් දේශපාලනය කරන බලවේග අද වනවිට ක්‍රියාත්මක වෙලා තිබෙනවා. කපුටට අවශ්‍ය වෙලා තිබෙන්නේ මහ මැතිවරණයක් පවත්වන්න. නමුත් මහ මැතිවරණයක් පවත්වන්න නොහැකි තත්ත්වයක් ඇති වෙලා තිබෙනවා. එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතාගේ ප්‍රකාශය පිටුපස කපුටත් ඉන්නවා කියලා සැකයක් මතුවෙනවා. පාලිත රංගේ බණ්ඩාර මහතාගේ ප්‍රකාශය හේතුවෙන් ජනතාව මැතිවරණයක් ඉල්ලලා පාරට බසින තත්ත්වයක් අද ඇති වෙලා තිබෙනවා. පොලිස් ආඥා පනත අනුව නෙවෙයි මැතිවරණය පැවැත්විය යුත්තේ. ව්‍යවස්ථාව අනුව තමයි මැතිවරණයක් පැවැත්විය යුත්තේ. ඒ වගේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයක් රට තුළ පැවැත්වෙයි කියලා රටේ පොදු මහජනතාව බලාපොරොත්තු වෙනවා. රටේ තිබෙන ප්‍රශ්නය පෙන්වලා මැතිවරණ කල් දැමීමට ආණ්ඩුව උත්සහ කළොත් රටේ ජනතාව ඒ සඳහා කිසිසේත් එකඟ වෙන්නේ නෑ. රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න රටේ ජනතාව සමඟ සමගි ජනබලවේගය හිට ගන්න සුදානම්. ‘‘යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් පෙරේරා මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 19,863
Previous Post

මධ්‍යම පළාත් ගුරු සේවයට නව ගුරුවරුන් 42 ක් බඳවා ගැනේ

Next Post

Great Manager 2023 සම්මාන උළෙලේදී අලියාන්ස් ලංකා අඛණ්ඩව 6 වන වරටත් විශිෂ්ට සම්මානයක්

editor ttvnews

editor ttvnews

Next Post
Great Manager 2023 සම්මාන උළෙලේදී අලියාන්ස් ලංකා අඛණ්ඩව 6 වන වරටත් විශිෂ්ට සම්මානයක්

Great Manager 2023 සම්මාන උළෙලේදී අලියාන්ස් ලංකා අඛණ්ඩව 6 වන වරටත් විශිෂ්ට සම්මානයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved