27 April 2024
#දේශීය

රුසියානු-යුක්රේන යුද්ධය ගැන South-South Research Initiative මගින් සංවාදයක්

රුසියානු-යුක්රේන යුද්ධය ආරම්භ වී වසරක් පිරීම නිමිත්තෙන් South-South Research Initiative ආයතනය විසින් සංවාද මණ්ඩපයක් පසුගියදා ශ්‍රී ලංකා පුවත්පත් ආයතන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

එය “යුක්රේන යුද්ධය හේතුවෙන් දකුණු ආසියාවට එල්ල වන අභියෝග” යන තේමාව යටතේ පැවැත්විණ.

මෙම සාකච්ඡාවට කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ සහ කොළඹ විශ්වවිද්‍යාලයේ අන්තර්ජාතික සබඳතා අංශයේ ආචාර්ය පවිත්‍රා ජයවර්ධන අය සහභාගී විය. මෙය මෙහෙයවනු ලැබුවේ නීතිවේදී නයන තරංග ගමගේ විසිනි.

මෙම සංවාදයේදී යුක්රේන යුද්ධයෙන් දකුණු ආසියානු කලාපයට එල්ල වන භූ-දේශපාලනික සහ ආර්ථික බලපෑම් පිළිබඳවත්, රුසියානු-යුක්රේන යුද්ධයේදී ශ්‍රී ලංකාව කිසිදු සෘජු කාර්යභාරයක් ඉටු නොකරන නමුත්, එය ශ්‍රී ලංකාව අදාළ නොවන කාරණයක් ලෙස නොසළකා හැරිය යුතු කරුණක් නොවන බවත් යුක්රේන යුද්ධය ආශ්‍රිත වර්ධනයන් දැනටමත් වක්‍රව ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සැලකිව යුතු ලෙස බලපා ඇති අතර එවැනි වර්ධනයන්, ආර්ථික පුනර්ජීවනය සඳහා අවශ්‍ය වන අන්තර්ජාතික ආධාර ලබා ගැනීමේදී ශ්‍රී ලංකාවට පවතින හැකියාවට ද බලපෑම් එල්ල කරන බවයි.

මෙම සංවාද මණ්ඩපයක් එක්වූ ආර්ථික විද්‍යාව සහ අන්තර්ජාතික සබඳතා (IR) පිළිබඳ විශේෂඥ විද්වතුන් පෙන්වාදු ආකාරයට, මෙම තත්ත්වය ශ්‍රී ලංකාව තුළ වැඩිදියුණු කළ ආර්ථික සහ විදේශ ප්‍රතිපත්ති සැකසීමට පාදක කරගත අවස්ථාවක් වේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *