17 May 2024
#දේශීය #පුවත්

මහමැතිවරණයක් වෙනුවෙන් බැසිල් සහ රනිල් අතර තීරණාත්මක සාකච්ඡාවක්

මහමැතිවරණය කඩිනමින් පැවැත්වීය යුතු යැයි බැසිල් රාජපක්ෂ මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අද පැවැත්වෙන සාකච්ඡාවේදී තීරණයක් ගන්නා ලෙස දැනුම් දීමට නියමිත බව උදයංග වීරතුංග මහතා පවසයි. ඒ මහතා කියා සිටින්නේ මේ වන විට බැසිල් රාජපක්ෂ මහතා විසින් ජනාධිපතිවරයාට මේ පිලිබඳ කිහිපවරක්ම දැනුවත් කිරීම් සිදු කර ඇති බවයි.

බැසිල් රාජපක්ෂ හා ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර පැවැත් වු සාකච්ඡා කිහිපයේදීම ජනාධිපතිවරයා විසින් මැතිවරණය සම්බන්ධයෙන් අවසන් තීරණයක් දැනුම් නොදී සිටිමක් සිදුව ඇති බව දැනගන්නට ඇත. කෙසේ වෙතත් උදයංග වීරතුංග මහතා පවසන්නේ අද පැවැත්වෙන සාකච්ඡාව තීරණාත්මක වනු ඇති අතර මෙහිදී පසුගියදා පැවැත්වු මැයි රැලි වලදී පක්ෂවල පැමිණි ජනතාව සම්බන්ධයෙන් හා මේ වන විට පක්ෂ සම්බන්ධයෙන් ජනතාවගේ කැමැත්ත පිලිබඳව කරුණු අනාවරණ කර ගනු ඇති බවයි.

පසුගියදා පැවැති මැයි රැළි අනුව එක්සත් ජාතික පක්ෂය මෙරට 05 වන ස්ථානයට පත් වී ඇති බව දැනගන්නට ඇති අතර ඉදිරි පැවැත්වෙන ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට ජයග්‍රහණයට හැකියාවක් නොමැති බව කරුණු අනාවරණය වී බව උදයංග වීරතුංග මහතා කියා සිටියේය.

මෙම කරුණු අනුව බැසිල් රාජපක්ෂ මහතා විසින් ජනාධිපතිවරයා සමඟ මැයි රැලි දත්ත අනුව අනිවාර්යෙන්ම මහමැතිවරණයක් කඩිනමින් පැවැත්වීය යුතු බවත් එහිදි ජනාධිපතිවරයාට සහාය දක්වනු පිරිසක් පාර්ලිමේන්තුවට ඇතුලත් කිරීමේ හැකියාවක් පවතිනු ඇති බවද සාකච්ඡා කිරීමට නියමිතව ඇත.

කෙසේ වෙතත් මහමැතිවරණක් නොතියා ජනාධිපතිවරණයක් කැඳවුවහොත් පවතින තත්ත්වය මත රනිල් වික්‍රමසිංහ මහතාට ජයග්‍රහණයක් අත්පත් කර ගැනීමට හැකියාවක් කිසිසේත්ම නොමැති බව පැවැති මැයි රැලිවලින්ම අනාවරණ වී ඇති බව බැසිල් රාජපක්ෂ මහතා අද පැවැත්වෙන සාකච්ඡාවේදී ජනාධිපතිවරයා වෙත දැන්වීමට නියමිත බව උදයංග වීරතුංග මහතා අප වෙත කියා සිටියේය.

මේ අතර ජනාධිපතිවරණයෙන් පසුව මහමැතිවරණයක් පැවැත්වුවහොත් එහිදී ජනාධිපති රනිල්ට සහාය දැක් වු කිසිදු මන්ත්‍රීවරයෙක් පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තුව සඳහා පිවිසිට අවස්ථාව ලබා නොදෙන බව බැසිල් රාජපක්ෂ ප්‍රමුඛ පිරිස පොදු ජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨයින් පිරිසක් සමඟ පැවැත් වු සාකච්ඡාවේදී තීරණය කර ඇති බව වාර්තා වේ.

එමෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පල කරනවායැයි පසුගිය කාලයේදී ආණ්ඩුවේ ඇමැති ධුර ලබා ගත් පිරිස් පැවසුවද මෙවර මැයි රැලියේදී ඔවුන් සියල්ලම පොහොට්ටුවේ මැයි රැලියට සහභාගී වීම තුලින් ගම්‍ය වන්නේම පවතින ඔ්නෑම මැතිවරණයකට ඒ සියල්ලම පොදු ජන පෙරමුණට සහාය දක්වනු ඇති බවයි. ‌තව ද ‌මේ වන විට ආණ්ඩුවේ ප්‍රබල ඇමැති ධුර දරණ පිරිස් ප්‍රසිද්ධියේම ජනාධිපති රනිල්ට සහාය දෙන බව පැවසු නමුත් ඔවුන්ද පොදු ජන පෙරමුණේ මැයි රැලියට පැමිණ රැලිය ඇමතීමෙන්ම පෙන්නුම් කරන්නේම ඔවුන් සිටින්නේ රනිල් සමඟ නොව බැසිල් සමඟ බව උදයංග විරතුංග මහතා අවධාරණය කලේය. ‌එමෙන්ම ඉදිරි එජාප පාර්ශවය විසින් ‌කියා සිටින ආකාරයට ජනාධිපතිවරණය රනිල් වික්‍රමසිංහ මහතාට ජයග්‍රහණය කර ගැනීම හැකිබව පවසන්නේ කෙසේ දැයි  පැහැදිලි කිරීමක් අවශ්‍ය බව බැසිල් රාජපක්ෂ මහතා අද පැවැත්වෙන සාකච්ඡාවේදී තොරතුරු දත්ත ඉල්ලා සිටිම බව උදයංග වීරතුංග මහතා කියා සිටියේය.

අද පැවැත්වෙන සාකච්ඡාවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කිසිදු පුද්ගලයෙකු සහභාගී නොකර බැසිල් රාජපක්ෂ මහතා සමඟ පමණක්  සාකච්ඡාව පැවැත්වෙන බව මෙම සාකච්ඡාවේදී මුළිකවම එකඟතාවය වනු ඇති බව දැනගන්නට ඇත.

අප මේ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙකු‌ගෙන් කල විමසීමකදී කියා සිටියේ මහමැතිවරණයක් පැවැත්වුහොත් එක්සත් ජාතික පක්ෂයට ජයග්‍රහණය කිරීමට අපහසු බවත් ජනාධිපතිවරණය පැවැත්වුහොත් එහිදී වත්මන් ජනාධීපතිවරයාට සහාය දක්වන පිරිසක් එකතු කර ගැනිමේ වාසිය ලබා ගත හැකි බවයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *