27 April 2024
#විදෙස්

පිළිකා සඳහා ඖෂධයක් සොයා ගැනේ

පිළිකා රෝගය වෙනුවෙන් නව ඖෂධයක් සඳහා වන මූලික සායනික පරීක්ෂණ ඇමරිකා එක්සත් ජනපදයේ කැපී පෙනෙන ප්‍රතිඵලය ලැබී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Sloan Kettering අනුස්මරණ පිළිකා මධ්‍යස්ථානයේ පිළිකා රෝග විශේෂඥ වෛද්‍ය Andrea Cercek ප්‍රමුඛ වෛද්‍ය විද්‍යාඥයින් කණ්ඩායමක් විසින් රෝගීන් 12 දෙනෙකු සඳහා dostarlimab පරීක්ෂණයට ලක් කරන ලදී.

ඔවුන් 100% සාර්ථකත්ව අනුපාතයක් ලබා ගත් අතර, එය කිසිදාක සිදු නොවු බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේය.

Tesaro විසින් වැඩි දියුණු කරන ලද Dostarlimab, 2019 දී GlaxoSmithKline වෙත විකුණන ලදී, එය පිළිකා ඉලක්ක කිරීමට භාවිතා කරන මොනොක්ලෝනල් ප්‍රතිදේහයකි. ප්‍රතිකාර සම්පූර්ණ කිරීමෙන් පසු, රෝගීන් අවම වශයෙන් මාස 6 ක පසු විපරමක් සිදු කර තිබේ.

ඒ අනුව පරික්ෂෂණ සිදු කල රෝගීන් 12 දෙනාටම සායනික සම්පූර්ණ ප්‍රතිචාරයක් තිබු අතර එම නව පිළිකා ඖෂධය යහපත් ලෙස ප්‍රතිඵල ලබා දී ඇති බව සනාථ වී ඇත.

 

මුලාශ්‍රය – https://www.nejm.org/doi/pdf/10.1056/NEJMoa2201445

සටහන – වී.මුණසිංහ

Leave a comment

Your email address will not be published. Required fields are marked *