27 April 2024
#දේශීය

සංචාරක කර්මාන්තයේ නියෝජිත පිරිසක් විපක්ෂනායක හමුවෙයි

සංචාරක කර්මාන්තයේ නියුතු නියෝජිත පිරිසක් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් ඊයේ (02) විපක්ෂ නායක කාර්යාලයේදී සිදුවිය.

සංචාරක කර්මාන්තය මුහුණ දී කර්මාන්තය මුහුණ දී ඇත්තේ ගැටලු පිළිබඳව එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් කෙරුණු අතර සංචාරක ප්‍රවර්ධනය උදෙසා මෙන්ම සංචාරකයින් ඉලක්ක කරගනිමින් පනවා ඇති අවදානම් යෝජනාව ඉවත් කරන ලෙස විදේශීය රටවලින් විපක්ෂනායකවරයා ඉල්ලා සිටියේය.

එම අවස්ථාවට යුරෝපා සංගමයේ ශ්‍රීලංකා දූත මණ්ඩලයේ නියෝජ්‍ය ප්‍රධානී සහ දේශපාලන වෙළඳ හා සන්නිවේදන අංශ ප්‍රධානී Thorsten Bargfrede මහතාද එක්ව සිටියේය.

පාස්කු ප්‍රහාරය හේතුවෙන් කඩා වැටුණු සංචාරක කර්මාන්තය ගොඩනැඟීම උදෙසා ලබාදුන් ණය සහන කාල සීමාව තවත් දිගු කොට සංචාරක ප්‍රවර්ධනයට කටයුතු කරුණු ලෙස ද කරන ලෙසද හෙතෙම ඒ මහතාගෙන් ඉල්ලා සිටියේය.

සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය වෙනුවෙන් විදේශීය වශයෙන් ලබාදිය හැකි ආධාර සහ ශක්තිය ලබා දෙන ලෙස ද එහිදී ප්‍රේමදාස මහතා ජාත්‍යන්තරයෙන් ඉල්ලා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *