27 April 2024
#දේශීය

බිම් බෝම්බ නිෂ්ක‍්‍රීය කළ හැකි බළකායක් පාර්ලිමේන්තුවට යැවිය යුතුයි – අමාත්‍ය විමල් කියයි

‘බිම් බෝම්බ’ ජාත්‍යන්තර එකගතා ගිවිසුම් අවලංගු කිරිමට මෙරට පාර්ලිමේන්තුවට හැකි බවත් ඒ සදහා ගෝඨාභය රාජපක්ෂ මහතාට ශක්තියක් වන රටට පණ දෙන ජාතිකවාදී මනසකින් යුතු පිරිසක් පාර්ලිමේන්තුවට යැවිය යුතු බවත් විමල් වීරවංශ මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ පසුගිය 30 වනදා ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරමින් මහ මැතිවරණයට හම්බන්තොට දිස්ත‍්‍රික්කය සදහා අංක 06න් තරගවදින ජයන්ත වන්නිආරච්චි මහතාට සහාය පළකරමින් පැවැති ජනහමු මාලාවක් අමතමිනි.

පසුගිය පාලන සමයේ දී රටේ ආර්ථිකයට ‘බිම් බෝම්බ’ ගණනාවක් සවි කර ඇති බවත් හොර රහසේ අත්සන් කර ඇති එම්සීසී ගිවිසුම් 02, කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය විකුණා දැමීමේ එක`ගතාව, මත්තල ගුවන් තොටුපොළ විකුණා දැමීමේ ගිවිසුම ආදිය එවැනි ‘බිම් බෝම්බ’ කිහිපයක් බවත් ඒවා නිෂ්ක‍්‍රීය කළ හැකි බලකායක් හෙවත් රටට පණ දෙන ජාතිකවාදී මනසකින් යුතු පිරිසක් අගෝස්තු 05 වැනිදා පාර්ලිමේන්තුවට පත් කර යැවීමට රටට ආදරය කරන සියලූ ජන බලවේග කටයුතු කළ යුතු බවත් වීරවංශ මහතා පැවසිය.

කොරෝනා වසංගතය හමුවේ ලොව බලවතුන් වූ ඇමරිකාව ප‍්‍රමුඛ රටවල් අසමත් වන විට ශ‍්‍රී ලංකාව කොරෝනා වසංගතයට සාර්ථකව මුහුණ දුන් බවත් ආසාදිතයන් අතරින් මියගිය සංඛ්‍යාව 0.05%ක ප‍්‍රතිශතයක් බවත් මෙය ලෝක වාර්තාවක් වුවත් ලොව ප‍්‍රබල මාධ්‍යයන් මේ බව සගවා ඇති බවත් විමල් වීරවංශ මහතා මෙහි දී සදහන් කළේය.

සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ හා බුද්ධි අංශ මනාව කළමනාකරණය කරගනිමින් මෙරට කොරෝනා මර්දනයට විශිෂ්ට නායකත්වයක් දුන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් හමුවේ ඉහත කී ‘බිම් බෝම්බ’ නිෂ්ක‍්‍රීය කිරීමේ අභියෝගය ඇති බවත් එය එතුමන්ට තනිව කළ නොහැක්කක් බවත් මෙහි දී විමල් වීරවංශ මහතා පෙන්වා දුන්නේය.

ඉහත කී ‘බිම් බෝම්බ’ ජාත්‍යන්තර එකගතා ගිවිසුම් අවලංගු කිරිමට මෙරට පාර්ලිමේන්තුවට හැකි බවත් ඒ සදහා ගෝඨාභය රාජපක්ෂ මහතාට ශක්තියක් වන රටට පණ දෙන ජාතිකවාදී මනසකින් යුතු පිරිසක් පාර්ලිමේන්තුවට යැවිය යුතු බවත් විමල් වීරවංශ මෙහි දී වැඩිදුරටත් සදහන් කළේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *