27 April 2024
#දේශීය

රත්තොට ඩෙංගු වැඩසටහනක්

රත්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සීඝ්‍ර ලෙස ඩෙංගු රෝගය ව්‍යාප්තිය හේතුවෙන් ඩෙංගු මර්දන ශ්‍රමදාන වැඩසටහන් රැසක් රත්තොට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය පුරා ක්‍රියාත්මක කිරීමට රත්තොට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සහ රත්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මේ දිනවලදි සිදු කෙරේ.

රජයේ ආයතන සහ ආගමික ස්ථාන පරීක්ෂා කිරීම සහ රෝගය පාලනය සඳහා ඩෙංගු මදුරුවන් ව්‍යාප්තිය වැලැක්වීමට උපදෙස් ලබා දීම සිදු කෙරිණි.

රත්තොට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්,මහජන සෞඛ්‍ය පරික්ෂණ නිලධාරීන්,ග්‍රාම නිලධාරීන් පුමුඛ වසම් ආශ්‍රිත නිලධාරීන් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන් මේ සඳහා එක්වූහ.

රත්තොට ප්‍රාදේශීය ලේකම් රිෂ්මිනා රියාල්දීන් මහත්මියගේ උපදේශකත්වයෙන් ඩෙංගු විෂයය භාර සංවර්ධන නිලධාරී චාමර රුචිරංග මහතා වැඩසටහන සම්බන්ධීකරණ කරයි.

 

 

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *