19 May 2024
#දේශීය #පුවත්

මධ්‍යම ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් “උරුමය” දෙවන වැඩසටහන ගැන සාකච්ඡාවක්

“උරුමය” ඉඩම් ඔප්පු ප්‍රධානය කිරීමේ වැඩසටහනේ මධ්‍යම පළාතේ වර්තමාන ප්‍රගතිය හා ඉදිරි කටයුතු සම්බන්ධ විශේෂ සාකච්ඡාවක් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර පළාත් ආණ්ඩුකාරවර කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පසුගිය 07 වනදා පැවැත්විය.

මෙම වැඩසටහන කොන්දේසි සහිත අවසර පත්‍ර හෝ දීමනා පත්‍ර සහිත රජයේ ඉඩම් කොන්දේසි විරහිත සින්නක්කර අයිතියට පත් කරමින් මිලියන 02ක ජනතාවකට සින්නක්කර ඉඩම් අයිතිය ලබාදීම සඳහා ක්‍රියාත්මක කරනු ඇත.

මෙහි පළමු අදියර යටතේ මධ්‍යම පළාත සදහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඉඩම් ඔප්පු 611 ක් ලබාදීම ඉකුත් දා දඹුල්ල ප්‍රදේශයේ දී සිදු වූ අතර, එහි දෙවන අදියර ක්‍රියාත්මක කිරීමේදී පවතින ගැටලු මෙහිදී සාකච්ඡාවට බදුන් විය.

මෙහිදී මෙම වැඩසටහන වඩා ප්‍රායෝගීක අයුරින් පවතින නීතී රාමුව තුල ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය පළාත් ආණ්ඩුකාරවරයා විසින් පෙන්වාදීම සිදුවිය.

ඉඩම් හිමියාට සාධාරණයක් වන අයුරින් එම ගැටලු විසදීම සදහා සියලු පාර්ශවයන් එක් ව කටයුතු කිරීම ඉතා වැදගත් බවත් මෙහිදී එම මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේය.

මෙම සාකච්ඡා සදහා පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, ඉඩම් කොමසාරිස් ජනරාල් බන්දුල ජයසිංහ(මාර්ගගත තාක්ෂණයෙන්) , පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, පළාත් ප්‍රධාන අමාත්‍යාංශ ලේකම් මේනක හේරත්, පළාත් ඉඩම් කොමසාරිස් මනෝෂා විජේතුංග යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් ද එක් විය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *