27 April 2024
#දේශීය

මිරිගම පොදු වෙළඳ සංකීර්ණය තුළ ඇති වු ආරවුලයෙක් අයෙකු මරුට

මිරිගම පොදු වෙළඳ සංකීර්ණයට ඊයේ (10) මධ්‍යම රාත්‍රියේ පැමිණි දෙදෙනෙකු අතර ඇති වු ආරවුලක් මත තියුණු ආයුධයකින් පහරදිමෙන් පුද්ගලයෙකු මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

මොවුන් දෙදෙනා තියුණු ආයුධයකින් පහරදීම් හේතුවෙන් පුද්ගලයෙකු තුවාල ලබා ඇති අතර හදිසි ගිලන් රථ සේවාව කැඳවා තුවාලකරු රෝහල් ගත කිරීමට උත්සාහ කර ඇති අතර ඒ් වන විටත් තුවාලකරු මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 55 ක් වු මුගුරුගම්පල, මිරීගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෙම ඝාතනය සිදු කල සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර මීරිගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *