27 April 2024
#දේශීය

පල්ලේපොල සභාපතිගෙන් සහල් පරිත්‍යාගයක්

පල්ලේපොල ප්‍රාදේශිය සභාවේ සභාපති ජගත් වසන්ත දිසානායක මහතාගේ ඉල්ලිම මත තායිලන්තයේ මහා චූලා ලෝන්ග්කෝන් රාජ්‍ය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය වල්මෝරුවේ පියරතන ස්වාමීන් වහන්සේ හා එරට භික්ෂූන් වහන්සේලා බෞද්ධ ජනතාව එක්ව ලංකාවාසි ජනතාව වෙනුවෙන් සහල් ලැබි ඇති අතර එම සහල් අසරණ පවුල් ඇතුලු අවශ්‍යතා ඇති පිිරිස් සදහා බෙදා හරිනු ලබයි.

ඒ අනුව එම සහල්වල තොගයෙන් කොටසක් අකුරම්බොඩ වීර කැප්පෙටිපොළ මධ්‍ය මහා විද්‍යාලයේ නේවාසික ශිෂ්‍ය ශිෂ්‍යාවන් ගේ ප්‍රයෝජනය සදහා විදුහල්පතිවරයා වෙත පල්ලේපොල ප්‍රාදේශීය සභාපති ජගත් වසන්ත දිසානායක මහතා විසින් බාර දුන්නේය.

 

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *