• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

SLT-MOBITEL Bizchat වෙතින් ෆේස්බුක් චැට්බොට් සේවාවක්

2 August 2021
in ව්‍යාපාර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT-MOBITEL සිය SLT-MOBITEL Bizchat සේවාව තවදුරටත් වැඩිදියුණු කරමින් නව ෆේස්බුක් චැට්බොට් සේවාවක් හඳුන්වා දීමට පියවර ගෙන තිබේ.

මෙරට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරවලට නවීන තාක්ෂණයෙන් ප්‍රතිලාභ ලබමින්, ෆේස්බුක් සමාජ මාධ්‍ය පදනම ඔස්සේ තම ව්‍යාපාර කටයුතු දියුණු කරගැනීමට අත්වැලක් වීම මෙහි මූලික අරමුණ වී තිබේ.

කෘත්‍රිම බුද්ධි තාක්ෂණය (Artificial Intelligence – AI) පදනම් කරගත් SLT-MOBITEL Bizchat සේවාව, ස්වයංක්‍රීය සංවාද තාක්ෂණයකි. විශාල පාරිභෝගිකයන් සංඛ්‍යාවක් සමග එකවර සංවාදයේ යෙදීමට හැකි වන ආකාරයට එය සැලසුම් කර තිබේ. ශ්‍රී ලාංකික සමාගම් වලට තම වෙබ් අඩවි හා සමාජ මාධ්‍ය පිටු ඔස්සේ පාරිභෝගිකයන් හා සම්බන්ධතා පවත්වා ගැනීමට මෙය උපකාරී වෙයි.

SLT-MOBITEL Bizchat සේවා එකතුවට එක් වූ නවතම සුහුරු විසඳුම වන මෙම චැට්බොට් සේවාව වෙබ් අඩවියකට ඇතුළත් කරගැනීම සඳහා කළ යුතු වන්නේ සරල කේත පෙළක් අදාළ වෙබ් අඩවියට ‘copy & paste’ කිරීම පමණි. සේවාදායකයන්ගේ ඉල්ලීම පරිදි චැට්බොට් සේවාව ස්ථාපිත කිරීම සඳහා සහය ලබාදීමටද SLT-MOBITEL කටයුතු කරනු ඇත.

සමාගමක ෆේස්බුක් පිටුවකට මෙම චැට්බොට් සේවාව ඇතුළත් කිරීමට හැකිවීම මෙහිලා අතිශයින් වැදගත් ය. විශේෂයෙන්ම වෙබ් අඩවියක් නොමැති කුඩා පරිමාණ ව්‍යාපාර වලට මෙම සේවාව භාවිතයෙන් තම ෆේස්බුක් පිටු හරහා පාරිභෝගිකයන් සම්බන්ධ කරගැනීමට මහඟු අවස්ථාවක් හිමි වේ. මෙමගින් සමාජ මාධ්‍ය වල හැකියාවන් මැනැවින් ප්‍රයෝජනයට ගනිමින්, සයිබර් අවකාශය තුළ තම ව්‍යාපාර කටයුතු ප්‍රවර්ධනය කරන අතරම ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා නොපිරිහෙළා ඉටුකිරීමට එම ව්‍යාපාර වලට හැකි වනු ඇත.

විශේෂයෙන්ම ලොව පුරා සිදුවෙමින් පවතින වසංගත රෝග ව්‍යාප්තිය හේතුවෙන් සමාජ දුරස්ථකරණය අනිවාර්ය අංගයක් වී ඇති තත්ත්වයක් හමුවේ සහ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර වලට වරින් වර දැඩි බලපෑම් එල්ල වන පසුබිමක් තුළ, ෆේස්බුක් චැට්බොට් සේවාවක් යනු ව්‍යාපාරයකට අතිශයින් ප්‍රයෝජනවත් විසඳුමකි. මෙමගින් පාරිභෝගික සහය සේවාව ස්වයංක්‍රීයකරණය කිරීම, සන්නාමය ප්‍රවර්ධනය කිරීම සහ නව පාරිභෝගිකයන් ආකර්ෂණය කරගැනීම වැනි ප්‍රතිලාභ රැසක් හිමිකර ගැනීමට ව්‍යාපාර වලට අවස්ථාව ලැබෙනු ඇත.

SLT-MOBITEL Bizchat මගින් සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර වලට පාරිභෝගික සහය සේවාවන් හා සංවාද ස්වයංක්‍රීයකරණය කළ හැකි වන අතර, වඩාත් ඉක්මන් හා ගුණාත්මක සේවාවක් ලබාදීම තුළින් පාරිභෝගිකයන්ට විශිෂ්ට තලයේ අත්දැකීමක් ලබාදිය හැකි වේ. සෑම දිනකම පැය 24 පුරා සේවාව ලබාදෙමින්, ස්වයංක්‍රීය පිළිතුරු ඔස්සේ පාරිභෝගික ගැටලු විසඳුමට මීට හැකියාව ඇත. මෙය සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර වලට තම කාලය හා සම්පත් ඉතිරි කරගනිමින්, තම මූලික ව්‍යාපාර කටයුතු කෙරෙහි වැඩි අවධානයක් යොමුකරවීමට අවස්ථාව ලබාදෙයි.

මෙම සේවාව සම්බන්ධ වැඩිදුර විස්තර www.slt.lk/bizchat, වෙත පිවිසීමෙන්, 011 2389 389 අංකය ඇමතීමෙන් හෝ 070 500 4000 අංකයෙන් (WhatsApp පමණි) ලබාගත හැකි වේ.

නව ව්‍යාපාරික හා අලෙවි අවස්ථාවන් නිර්මාණය කරගනිමින් පැහැදිලි ප්‍රතිඵල අත්කරගැනීම සඳහා SLT-MOBITEL Bizchat සේවාව ඕනෑම උපාංගයක් සමග භාවිතා කිරීමට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර වලට හැකියාව ලැබෙන අතර, වෘත්තිකයන් විසින් එය ස්ථානගත කිරීම හා වැඩිදියුණු කිරීම සිදුකරනු ලබයි. A/B පරීක්ෂණ ක්‍රියාවලිය භාවිතා කිරීම මගින්, අනෙකුත් තරගකාරී චැට්බොට් සේවාවන් සාපේක්ෂව ඉහළම සංවාද මට්ටමක් පවත්වා ගැනීමට මෙම චැට්බොට් සේවාවට හැකියාව ඇත.

SLT-MOBITEL Bizchat හි තවත් වැදගත් ලක්ෂණයක් වන්නේ, එය සන්නාමයන්ට වැඩි ප්‍රචාරණයක් ලබාදීම සඳහා විශිෂ්ට පදනමක් ලෙස භාවිතා කළ හැකි වීමයි. ජනතාව දැනුවත් කරමින්, පාරිභෝගික-කේන්ද්‍රීය අන්තර් ක්‍රියාකාරී අත්දැකීම් ලබාදෙමින්, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර වල සන්නාම ප්‍රවර්ධන උත්සාහයන්ට මහඟු අත්වැලක් වීමට මෙම සේවාවට හැකියාව ඇත.

ස්වයංක්‍රීයව දැනුවත් වන හා යාවත්කාලීන වන චැට්බොට් සේවාවක් වන SLT-MOBITEL Bizchat පරිශීලකයන් කිහිපදෙනෙකු සමග එකවර ගනුදෙනු කිරීමට සමත් ය. එමගින් සුරක්ෂිත, cloud පහසුකම පදනම් කරගත් චැට්බොට් සේවාවක් ලබාදෙන නිසා සුළු හා මධ්‍යම පරිමාණ සමාගම් වල රහස්‍යභාවය හා ආරක්ෂාව තහවුරු වන අතර, විනාඩි කිහිපයක් තුළ චැට්බොට් සේවාවක් නිර්මාණය කළ හැකි වේ. එමෙන්ම එය පාරිභෝගිකයන්ට ඉතාමත් පහසුවෙන් භාවිතා කළ හැකි සේවාවකි.

ඩිජිටල් ලෝකයට නිසි පරිදි අනුගත වීමට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර වලට අත්වැලක් වන SLT-MOBITEL Bizchat, ව්‍යාපාරික මට්ටමේ සුවිශේෂී අංග රැසකින් සමන්විත වේ.

පාරිභෝගිකයන්ගේ තොරතුරු ලබාගැනීම සඳහා ඉතාමත් පහසුවෙන් සංවාදශීලී, අන්තර්ක්‍රියාකාරී ආකෘති පත්‍ර නිර්මාණය කිරීමේ හැකියාව, චැට් පදනම් කරගත් සෙවුම් ක්‍රමයක්, ස්වාභාවික භාෂා පිරිසැකසුම් හැකියාව, පිළිතුරු පුහුණු කිරීම, ගෙවීම් සහ දායකත්වයන් ආදිය මීට ඇතුළත් වේ. CRM පදනම් සමග සෘජුව සම්බන්ධ කිරීමේ හැකියාව සහ ෆේස්බුක් සමග සම්බන්ධ කිරීමේ හැකියාව ආදිය SLT-MOBITEL Bizchat මගින් ව්‍යාපාර වලට ලැබෙන අනෙකුත් වාසි ලෙස පෙන්වා දිය හැකි ය.

තාක්ෂණයේ දියුණුව මැනැවින් භාවිතා කරමින්, හෝටල්, පෞද්ගලික රෝහල්, මාර්ගගත අලෙවිසැල්, අධ්‍යාපන ආයතන, බෙදාහරින්නන්, වෙළඳසැල්, සුපිරි වෙළඳසැල්, සහ දේපළ සමාගම් ඇතුළු ව්‍යාපාර රාශියකට අත්වැලක් වීමට SLT-MOBITEL Bizchat සේවාවට හැකියාව ඇත. එහි ඇතුළත් විශේෂාංග එම සමාගම් වලට පාරිභෝගික අවශ්‍යතාවන් නිසි ලෙස සපුරාලමින් දියුණුවෙන් දියුණුව කරා යාමට මහෝපකාරී වනු නොඅනුමාන ය.

 

 

පිටපත – PR

 

 

Post Views: 0
Previous Post

ඇස්ට්‍රාසෙනිකා මීළඟ තොගය ලබන සෙනසුරාදා – ජපාන තානාපති කියු බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි

Next Post

වෘත්තීය පුහුණුවක් ලබාදීම තුලින් රැකියා ගැටලු විසදිය හැකියි – රාජ්‍ය අමාත්‍ය වියාලේන්ද්‍රන්

editor

editor

Next Post

වෘත්තීය පුහුණුවක් ලබාදීම තුලින් රැකියා ගැටලු විසදිය හැකියි - රාජ්‍ය අමාත්‍ය වියාලේන්ද්‍රන්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
23කට දිවි අහිමි කළ අනතුරේ හේතුව සොයා තවත් කණ්ඩායමක් කොත්මලේට

23කට දිවි අහිමි කළ අනතුරේ හේතුව සොයා තවත් කණ්ඩායමක් කොත්මලේට

15 May 2025
කොටහේනේ සියදිවි නසා ගත් දැරිය සම්බන්ධව  – මවගෙන් සාක්ෂි සටහන් කර ගනී

කොටහේනේ සියදිවි නසා ගත් දැරිය සම්බන්ධව – මවගෙන් සාක්ෂි සටහන් කර ගනී

15 May 2025
තුසිත හල්ලොලුව මහතා CIDයට

තුසිත හල්ලොලුව මහතා CIDයට

15 May 2025
ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

15 May 2025

Recent News

23කට දිවි අහිමි කළ අනතුරේ හේතුව සොයා තවත් කණ්ඩායමක් කොත්මලේට

23කට දිවි අහිමි කළ අනතුරේ හේතුව සොයා තවත් කණ්ඩායමක් කොත්මලේට

15 May 2025
කොටහේනේ සියදිවි නසා ගත් දැරිය සම්බන්ධව  – මවගෙන් සාක්ෂි සටහන් කර ගනී

කොටහේනේ සියදිවි නසා ගත් දැරිය සම්බන්ධව – මවගෙන් සාක්ෂි සටහන් කර ගනී

15 May 2025
තුසිත හල්ලොලුව මහතා CIDයට

තුසිත හල්ලොලුව මහතා CIDයට

15 May 2025
ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

15 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

23කට දිවි අහිමි කළ අනතුරේ හේතුව සොයා තවත් කණ්ඩායමක් කොත්මලේට

23කට දිවි අහිමි කළ අනතුරේ හේතුව සොයා තවත් කණ්ඩායමක් කොත්මලේට

15 May 2025
කොටහේනේ සියදිවි නසා ගත් දැරිය සම්බන්ධව  – මවගෙන් සාක්ෂි සටහන් කර ගනී

කොටහේනේ සියදිවි නසා ගත් දැරිය සම්බන්ධව – මවගෙන් සාක්ෂි සටහන් කර ගනී

15 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved