27 April 2024
#දේශීය

මිනුවන්ගොඩ නගර සභා පුස්තකාලයට සිව්මහල් ස්ථිර ගොඩනැගිල්ලක්

වසර 52 කට පසුව නගර සභාවට අයත් පුස්තකාලය සදහා සිව්මහල් නව ගොඩනැගිල්ලක් රුපියල් මිලියන 1000 ක වියදමින් ඉදිකළ මෙම පුස්තකාලය පසුගිය දා (31) සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා විවෘත කෙරිණ.

මහල් 04 කින් සමන්විත මෙම පුස්තකාල ගොඩනැගිල්ල කුළ අංග සම්පුර්ණ ශ්‍රවණාගාරයක්, පරිගණක ආශ්‍ර යෙන් පොත් කියවීමට හා පුවත්පත් බැලිමට වෙනම අංශ වෙන් කර ඇත. පොත් 25,000 ක් පමණ ඇති මෙම පුස්තකාලය ශ්‍රේණිගත කිරිම් දෙවන ස්ථානයේ ඇති පුස්තකාලයකි. මිනුවන්ගොඩ නගර සභා බල ප්‍ර දේශය තුළ ප්‍රධාන පාසල් 07 ක් පිහිටා ඇති අතර සිසු සිසුවියන් 11,000 ක් පමණ ඒවායේ අධ්‍යාපනය හදාරති.

ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහි දි පැවසුවේ මෙම පුස්තකාලය අනාගතය වෙනුවෙන් කළ ආයෝජනයක් බවයි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සෞභාග්‍ය යේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් ද එය තහවුරු කර ඇතැයි පැවසු ඇමතිවරයා මෙම නව පුස්තකාල ගොඩනැගිල්ල කොරෝනා මධ්‍ය යේ වුවද ආණ්ඩුව රට සංවර්ධනය කරන බවට හොද සාක්ෂියක් යැයි ද කීවේය.

 

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *