27 April 2024
#දේශීය

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු මිය යයි

පාස්කු ප්‍රහාරයට සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කර සිටි අයෙකු අද (05) මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

එම පුද්ගලයා වයස අවුරුදු 42 ක් වු මුස්ලිම් ජාතිකයෙකු වන අතර ඔහු දෙසැම්බර් මස 5 වනදා බන්ධනාගාර රෝහලට‌ ඇතුලත් කර තිබේ.

පසුව ජනවාරි 02 වනදා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇති අතර අද උදැසන මිය ගොස් ඇත. මෘත ශරීර සම්බන්ධ පශ්චාත් මරණ පරික්ෂණය සඳහා යොමු කර ඇති බව පොලිසිය පවසයි.

 

 

 

දිලිනි සමන්මලි 

Leave a comment

Your email address will not be published. Required fields are marked *