27 April 2024
#Uncategorised

ගෑස් මාෆියාවක්….ලිට්‍රෝ සභාපති කියන හොරු කවුද?

මෙරට තුළ වෙනත් දේවල්වල මාෆියාවන් ක්‍රියාත්මක වනවා වගේම ගෑස් වෙළෙඳපොලේ මාෆියාවක් සිදුවන බව ලිට්‍රෝ ගෑස් සමගාමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ අද (05) පැවැති මාධ්‍ය හමුවට එක්වෙමිනි. එහිදී ඔහු පවසා සිටියේ තමා මෙම මාධ්‍ය හමුව පවත්වන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අනුදැනුම මත බවයි.
ඔහු එහිදී පවසා සිටියේ මෙරට ක්‍රියාත්මක වන ගෑස් මාෆියාව එක කණ්ඩායමක් ගෑස් වෙළෙඳපොල පාලනය කරමින් වෙනත් කිසිවකුට පැමිණීමට නොදෙන බවයි. එසේම එම කණ්ඩායම පසුගිය වසර අවුරුදු 10 ක කාලය තුළ ගෑස් වෙළෙඳපොලේ වෙනත් කිසිවකුට ගෑස් විකිණීට ඉඩ නොදුන් බව සභාපතිවරයා කියා සිටයේය. එමෙන්ම එම ඒකාධිකාරිය කවුරු හෝ වෙනස්කිරීමට උත්සහ කළ හොත් එම පුද්ගලයාට හෝ ඒ ආයතනයට එරෙහිව කටයුතු කිරීම ඔවුන්ගේ අභිලාශය බව හෙතෙම පැවසිය.

සභාපතිවරයා පැවසුවේ එම කණ්ඩායමට පක්‍ෂය හෝ ආණ්ඩුව අදාල නොවන බවයි. ගෑස් නැව වරායට පැමිණ තිබුණට කොන්ත්‍රාත්තුව තව අවුරුදු දෙකකට දික්කරන්නේ නැත්නම් ගෑස් දෙන්න නෑ කියලා ඔවුන් තමාට තර්ජනය කළ බවත්, එම තත්වය හමුවේ ප්ලාන්ට් එක වසාදැමීම නිසා පසුගිය මස 28 වැනිදා සිට මේ මස 1 වැනිදා දක්වා ගෑස් නිකුත් කිරීමට නොහැකි වූ බවයි.

තර්ජනය සමඟ ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා සහ අධක්‍ෂ මණ්ඩලය බිත්තියට හේත්තු කිරීම නිසා ජනාධිපතිවරයාගේ උපදෙස් ලැබෙන තෙක් බලාසිටීමට සිදුවීමෙන් ගෑස් හිඟය ඇති වූ බවත් සභාපතිවරයා වැඩි දුරටත් පැවසීය.

කෙසේ වෙතත් මෙම ගෑස් මාෆියාව පිටුපස සිටින්නේ මෙරට දේශපාලන ප්‍රබලයෙකුගේ පුත්‍රයෙකු බව දැනගන්නට ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *