• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඉන්ධන ප්‍රවාහන බවුසර් රථයක යතුරු පැදියක් ගැටීමෙන් දැරියක් ජිවිතක්ෂයට

11 October 2023
in දේශීය

අනුරාධපුර, තලාව නගර මධ්‍යයේ පිහිටි වටරවුමේදී ඉන්ධන ප්‍රවාහන බවුසර් රථයක යතුරු පැදියක් ගැටීමෙන් ඊයේ (10) රාත්‍රියේ යතුරු පැදියේ ගමන් කළ දස හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට පත් විය.

අනුරාධපුර – පාදෙණිය ප්‍රධාන මාර්ගයේ තලාව නගර මධ්‍යයේ පිහිටි වටරවුමේදී බවුසර් රථයක් හා යතුරු පැදියක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරෙන් තලාව ප්‍රාථමික විද්‍යාලයේ පස්වැනි වසරේ ඉගෙනුම ලබන, තලාව කරගහවැව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 10 ක් වන ඩබ්ලිව්.නිසල්‍යා නෙත්සරණී විමලසේන දියණිය අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත.ඇය මෙවර ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දීමට සිටින දියණියක් බවද පොලීසිය පවසයි.

මෙම අනතුර ඊයේ (10) රාත්‍රී 7.00 ට පමණ සිදු වී ඇති බව තලාව පොලිස් ස්ථානයේ රථවාහන අංශය පවසයි. කොළඹ සපුගස්කන්ද ප්‍රදේශයේ සිට අනුරාධපුර දක්වා ධාවනය කෙරෙමින් තිබූ ඉන්ධන රැගත් බවුසරයක තලාව නගරයේ පිහිටි වටරවුමේදී දකුණු දෙසින් පැමිණි යතුරු පැදිය ගැටී අනතුර සිදුව තිබෙන බවත්, ඒ අවස්ථාවේදී යතුරු පැදියේ ජීවිතක්ෂයට පත් දැරිය හා ඇගේ මව පැමිණ තිබෙන බවත් තලාව පොලිස් ස්ථානයේ රථවාහන අංශය පවසයි.

යතුරු පැදිය බවුසර් රථයේ ගැටීමත් සමඟින් දියණිය බවුසර් රථයේ රෝදයට යටවී හිසට බරපතල හානී සිදු වී ඇති බවද ඔවුන් වැඩිදුරටත් පැවසීය.ප්‍රදේශවාසීන් එක්ව ඔවුන් දෙදෙනා තලාව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර ඇතත්, ඒ වන විටත් දියණිය ජීවිතක්ෂයට පත්ව සිටි බවත්, මවට කිසිදු අනතුරක් සිදු වී නොමැති බැවින් ඇය රෝහලෙන් මුදා හැර නිවසට යොමු කළ බවත් රෝහල් ආරංචි මාර්ග පැවසීය.

අනතුරට පත් බවුසරය හා යතුරු පැදිය තලාව ප‌ොලිස් ස්ථානය මගින් පොලිස් භාරයට ගෙන ඇති අතර, අනතුරින් රථ වාහන ද්විත්වයටම දැඩි අලාභ හානී නොමැති බවද පොලීසිය පැවසීය. අනතුරට පත් බවුසර් රථයේ රියදුරු පොලිස් අත්අඩංගුවට ගෙන අද (11) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

ජීවිතක්ෂයට පත් දස හැවිරිදි දැරියගේ මෘත දේහය මේ වන විට තලාව ප්‍රාදේශීය රෝහලේ තැන්පත් කර ඇති අතර, වැඩිදුර පරීක්ෂණ වලින් අනතුරුව ඇගේ දේහය පවුලේ ඥාතීන්ට භාර දීමට නියමිතිය.සිද්ධිය සම්බන්ධයෙන් තලාව පොලිස් ස්ථානයේ රථවාහන අංශය පරීක්ෂණ සිදු කරයි.

 

තිසර සමල් – අනුරාධපුර

Post Views: 15
Previous Post

ගං වතුරෙන් පීඩාවට පත් ජනතාව හරියාකාරය ගණනය කරලා නෑ – බුද්ධික පතිරණ

Next Post

කලාභූෂණ රාජ්‍ය සම්මාන උළෙල ජනපති ප්‍රධානත්වයෙන්

editor

editor

Next Post

කලාභූෂණ රාජ්‍ය සම්මාන උළෙල ජනපති ප්‍රධානත්වයෙන්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved