• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පිටකොටුව පාවෙන වෙළඳ සංකීර්ණය යළි පණ ගැන්වීමට ජපන් ආයෝජකයෙක් ඉදිරිපත් වෙයි – නාගරික සංවර්ධන අධිකාරිය

27 March 2024
in පුවත්, සංවර්ධන
පිටකොටුව පාවෙන වෙළඳ සංකීර්ණය යළි පණ ගැන්වීමට ජපන් ආයෝජකයෙක් ඉදිරිපත් වෙයි – නාගරික සංවර්ධන අධිකාරිය

පිටකොටුව පාවෙන වෙළඳ සංකීර්ණය (Floating Market) යළි පණ ගන්වන්නට ජපන් ආයෝජකයකු ඉදිරිපත්ව තිබෙන බව නාගරික සංවර්ධන අධිකාරීය පවසයි.

ඒ සඳහා වන මූලික අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේෂ් හේරත් මහතා සහ ජපන් ආයෝජක අකිර හිරෝස් (Akira Hirose) මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල, නාගරික සංවර්ධන අධිකාරීයේදී අද (27) දින සිදු කෙරුණි.

ඒ අනුව පිටකොටුව පාවෙන වෙළඳ සංකීර්ණය කළමනාකරණය හා පවත්වාගෙන යාම මෙම ජපන් ආයෝජනය මඟින් සිදු කෙරේ.

ඒ අනුව එය ජපන් ආයෝජකයාට වසර 30කට බදු දීමට නියමිතය.

විදෙස් ආයෝජකයින් ඉලක්ක කර ගනිමින් හා පිටකොටුව පාවෙන වෙළඳ සංකීර්ණය සංචාරක පුරවරයක් ස්ථාපනය කිරීම මෙහි අරමුණ වේ. එය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘති කාලය මාස 6කි.

පිටකොටුව පාවෙන වෙළඳපොල කොළඹ පිටකොටුවේ බැස්ටියන් මාවතේ පිහිටා ඇත. එය වෙළඳ කුටි 92 කින් සමන්විතය අතර බේරේ වැවේ බෝට්ටු මත ස්ථාපිත වෙළඳ කුටි ගණනාවක් ද තිබේ.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් ලබා දී ඇත්තේ දැනට එහි වෙළදාම් කටයුතු සිදු කරන කඩ හිමියන්ට කිසිදු අසාධාරණයක් නොවන අයුරින් මෙය සංවර්ධනය කිරීමට පියවර ගන්නා ලෙසයි.

පිටකොටුව පාවෙන වෙළඳ සංකීර්ණය (Floating Market) 2014 අගෝස්තු 25 වන දින විවෘත කෙරුණේ එවකට රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්ව සිටි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සංකල්පයක් මතයි. නාගරික සංවර්ධන අධිකාරියේ සැලසුම්වලට අනුව පාවෙන වෙළඳ සංකීර්ණය ඉදිකිරීම සඳහා වැය වූ මුදල රුපියල් මිලියන 352කි. මෙම වෙළඳ සංකීර්ණයේ මූලික ඉලක්කය වූයේ වැය වූ සම්පූර්ණ වියදමින් 50% ක් වසර 05 කදී උපයා ගැනීමයි.

නමුත් එය විවෘත කළත් පසුගිය යහපාලන රජය යටතේ පාවෙන වෙළඳ සංකීර්ණය සංවර්ධනය නොකර අතහැර දමා තිබූණි. නිසිලෙස නඩත්තු නොකිරීම හේතුවෙන් මෙහි තිබූ වෙළදසැල් 92 න් සියයට 80 ක ප්‍රමාණයක් වැසී ගියේය. ලෑලි දිරාපත් වීම, විදුලි ආලෝක පද්ධතිය නිසි පරිදි ක්‍රියාත්මක නොවීම , අනාරක්ෂිත බව , අපිරිසිදු වටපිටාව, දුර්ගන්ධය මෙන්ම නීති විරෝධී සහ විනය විරෝධී ක්‍රියා සිදුවීම නිසා පසුගිය කාලයේදී මෙම පාවෙන වෙළද සංකීර්ණය දිනෙන් දින පරිහානියට පත්විය. ඒ හේතුවෙන් කලින් සැලසුම් කළ පරිදි වසර පහක් තුළ වියදමින් 50%ක මුදලක් උපයා ගැනීමේ වැඩපිළිවෙලට බාධා එල්ල විය.

විනාශ මුඛයට යමින් තිබූ පාවෙන වෙළඳ සංකීර්ණය (Floating Market) ඉන් වසර හයකට පසුව වාණිජ මධ්‍යස්ථානයක්, ඓතිහාසික නගරයක් සහ වාණිජ නගරයක් යන කරුණු තුන මත පදනම්ව කොළඹ පිටකොටුව ආශ‍්‍රිත ප‍්‍රදේශ සංවර්ධනය කිරීමේ ක්‍රියාවලියට අනුව 2021 අප්‍රේල් මස 07 වැනිදා පූර්ණ ප‍්‍රතිසංස්කරණයකට ලක් කිරීමෙන් පසු යළි විවෘත කෙරිණ. ඒ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හා හිටපු අග්‍රාමාත්‍ය හා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදියි. එය යළි ප්‍රතිසංස්කරණය කිරීම සඳහා වැය වූ මුදල රුපියල් මිලියන 25කි.

Post Views: 93
Previous Post

ජාතික ජන බලවේගයේ ආර්ථික කණ්ඩායමට විවාදයට එන්නැයි නලින් බණ්ඩාරගෙන් නැවත අභියෝගයක්

Next Post

හදිසි ආපදාවන්ට මුහුණදීමට නිසි සැලැස්මක් අපට තිබිය යුතුයි – රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත

editor ttvnews

editor ttvnews

Next Post
හදිසි ආපදාවන්ට මුහුණදීමට නිසි සැලැස්මක් අපට තිබිය යුතුයි – රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත

හදිසි ආපදාවන්ට මුහුණදීමට නිසි සැලැස්මක් අපට තිබිය යුතුයි - රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved