27 April 2024
#දේශීය

විරෝධතාව වාර්තා කරන්න ගිය මාධ්‍යවේදීයෙකුත් අත්අඩංගුවට අරන්

ත්‍රස්ත පනත යටතේ ප්‍රවෘත්ති වාර්තාකරණයේ යෙදෙන සුමේද සංජිව ගාල්ලගේ මහතාව මිරිහාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එම මාධ්‍ය වේදීයා ඊයේ (31) ජනාධිපතිවරයාගේ නිවස ආසන්නයේ පැවැති විරෝධතාව ආවරණය කිරීමේ කටයුතු වල නියැලුණු අවස්ථාවේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇත. කෙසේ වෙතත් මාධ්‍ය වේදීන් බොහෝ දෙනෙකු එම අවස්ථාව ආවරණ කිරීමට ගොස් ඇති අතර ‌වැඩිපිරිසකට ආරක්ෂක අංශමගින් පහරදීම් සිදු කර ඇති බව දැනගන්නට ඇත.

මාධ්‍යවේදීන් තම රාජකාරී කටයුතු සිදු කරන අතර කොතරම් භිෂණකාරී තත්ත්වයක් ඇති වුවත් ඔවුන්ට රාජකාරී කිරීමට හෝ ඔවුන්ට පහරදීමක් මෙතෙක් සිදුව නොමැත. පොලිසිය විසින් යම් අතපසුවීමක් මෙම සිද්ධියේදී ඇති වුවනම් එය වහාම නිවැරදි කල යුතු කාරණයක් වනු ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *