27 April 2024
#දේශීය #පුවත්

අභියෝග භාර ගත නොහැකි නායකයෙක්ට රට ගොඩගත නොහැකියි – ඇමති ප්‍රසන්න

අභියෝග භාර නොගත් නායකයෙක්ට රට කිසිවිටකත් ගොඩනැගිය නොහැකි බවත් පොහොට්ටුවට ඕනෑ තරම් අපේක්ෂකයෝ සිටියත් අභියෝග ජයග්‍රහණය කළ කළ නායකයෙකුට පොහොට්ටුවෙන් අවස්ථාව ලබා දීමේ වැරැද්දක් නොමැති බවත් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ගම්පහ, නයිවල ප්‍රදේශයේ ඊයේ (20) දින පැවැති උත්සවයකට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනි.

කාට මොන රැල්ලක් තිබෙන බව කීවත් පොහොට්ටුවේ සහාය ලබන අපේක්ෂකයා ජනාධිපතිවරණයේදී අනිවාර්යෙන් ජය ගන්නා බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

පොහොට්ටුව නිසි වේලාවේදී ජනාධිපතිවණ මෙහෙයුම ආරම්භ කරන බවද අමාත්‍යවරයා පැවසීය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *