• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අමානා තකාෆුල් ඉන්ෂුවරන්ස් සමාගම PIM සමඟ එක්ව නායකත්ව විශිෂ්ටතා පුහුණු වැඩසටහනක්

4 July 2022
in ව්‍යාපාර

අමානා තකාෆුල් රක්ෂණ සමාගම සිය සේවකයින් අඛණ්ඩව ශක්තිමත් කිරීම සහ ඔවුන් වෙනුවෙන් ආයෝජනය කිරීමට ඇති සිය කැපවීම තහවුරු කරමින් ජ්‍යෙෂ්ඨ කළමනාකරුවන්ගේ කුසලතා සහ නිපුණතා ශක්තිමත් කිරීමේ නව ව්‍යාපෘතියක් පසුගියදා ආරම්භ කළේය.

කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනය (PIM) සමඟ එක්ව දියත් කරනු ලබන මෙම වැඩසටහන ඔස්සේ අමානා තකාෆුල් ඉන්ෂුවරන්ස් හි ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය අතුරින් තෝරාගත් සමාජිකයින් සඳහා මෙම සුවිශේෂ නායකත්ව පුහුණු වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබන අතර, එමගින් ගැටළුකාරී කාල වකවානුවක ශ්‍රම බලකාය ශක්තිමත් කරමින් සමාගමේ උපායමාර්ගික පදනම තවදුරටත් ශක්තිමත් කිරීමට අපේක්ෂා කෙරේ.

මෙම නායකත්ව විශිෂ්ටතා වැඩසටහන (Leadership Excellence Programme – LEP) ඔස්සේ වර්තමාන සහ අනාගත නායකයින් සංවර්ධනය කිරීම අරමුණු වන අතර, මෙමගින් ඔවුන්ගේ තාක්ෂණික සහ උපායමාර්ගික දැනුම වර්ධනය කර ගැනීමට මනා අවස්ථාවක් විවර වේ. මෙම සමාරම්භක කණ්ඩායම සඳහා සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ සාමාජිකයින් 20 දෙනෙකු ඇතුළත් වන අතර ඔවුන් මාස 6ක කාලයක් තුළ සැසි මාලාවකට සහභාගි වනු ඇත. මෙහිදී තීරණ ගැනීම සහ ගැටළු විසඳීම, යාවත්කාලී වූ කළමණාකරණය, මූල්‍ය, විකුණුම් සහ අලෙවිකරණය, පුද්ගලික විශිෂ්ටත්වය ආදී කළමනාකරණයේ විවිධ උපායමාර්ගික ක්ෂේත්‍රවලට අදාළ බොහෝ ක්ෂේත්‍ර අධ්‍යනය කිරීමේ අවස්ථාව හිමි වේ.

මෙම සමාරම්භක අවස්ථාව පිළිබඳව අදහස් දක්වමින් මානව සම්පත් ප්‍රධානී සහ අධ්‍යක්ෂ මණ්ඩලයේ ලේකම් ෆර්හාන් ජාබීර් මහතා පැවසුවේ, “අමානා තකාෆුල් ඉන්ෂුවරන්ස් කියන්නේ සැමවිටම සහයෝගීත්වය සහ ජනතා කේන්ද්‍රීය සංස්කෘතියක් මත වර්ධනය වන සමාගමක්. ඒ වගේම අප වසර ගණනාවක් පුරා අපගේ සේවකයන්ගේ ඇගයීම් කාර්යයේ නිරත වෙමින් ඔවුන් වෙනුවෙන් බොහෝ පුද්ගලික සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කර තිබෙනවා. මෙම වැඩසටහන අපගේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වයට වෙනස් වෙමින් පවතින ලෝකය සමඟ යාවත්කාලීන වූ දැනුමින් ඉදිරියට යාමට අවස්ථාවක් වන බව අපේ විශ්වාසය යි. ඒ වගේම පළමු කණ්ඩායමෙන් පසුව මෙම අවස්ථාව අපේ ආයතනයේ අනෙකුත් ස්ථරවල සාමාජිකත්වයටත් ලබා දීම අපේ අපේක්ෂාව වෙනවා.”

අමානා තකාෆූල් ඉන්ෂුරන්ස් ආයතනය සහ පශ්චාත් උපාධි කළමනාකරණ ආයතනය සමඟ ඇතිකරගත් මෙම සහයෝගිතාවය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමානා ජීවිත රක්ෂණ සමාගමේ විධායක අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරි ගෙහාන් රාජපක්ෂ මහතා මෙසේ අදහස් දැක්වීය. “සේවකයන් කෙරෙහි සැළකිලිමත්වන, සහයෝගය දක්වන, පෝෂණය කරන සමාගමක් විදිහට ආයතනයේ වර්ධනය සඳහා ඉදිරි නායකයන් නිර්මාණය කිරීම සඳහා අපගේ ශ්‍රම බලකාය සවිබල ගැන්වීමේ වැදගත්කම අප වටහාගෙන තිබෙනවා. අද වන විට ශ්‍රී ලංකාව අභියෝගාත්මක කාලයකට අවතිර්ණ වී සිටිනවා වගේම ජනතාව වගේම ව්‍යාපාර පවා පැවතීමේ අරගලයකට මුහුණපා සිටිනවා. වගකිවයුතු සේවායෝජකයෙකු විදිහට අපි අපගේ සේවකයන් දෛනිකව මුහුණදෙන දුෂ්කරතාවයන් සම්බන්ධයෙන් සංවේදී වෙනවා.”

2020 වසරේ සිට ජාතික අර්බුධවලට මුහුණදෙන අමානා තකාෆුල් ඉන්ෂුවරන්ස් සමාගම, සෑම විටම තම සේවාදායකයින් වෙනුවෙන් පෙනී සිටිමින්, ඔවුන් හට ඕනෑම අභියෝගයකට මුහුණදීමට අවශ්‍ය ශක්තිය සහ ධනාත්මක පෙළඹවීම කෙරෙහි අවධානය යොමු කර ඇත. විශේෂයෙන් ‘ලාබයෙන් ඔබ්බට ගිය අරමුණක්’ ඔස්සේ සිය මෙහෙයුම් කාර්යයන් සිදුකරනා මෙම සමාගම, අර්බුධය හේතුවෙන් කිසිදු ආකාරයක සේවක කප්පාදු කිරීම්, ඉවත්කිරීම් හෝ වැටුප් කප්පාදු සිදු නොකළ සුළු ප්‍රමාණයක් වූ ලාංකීය සේවායෝජකයන්ගෙන් කෙනෙකි. එමෙන්ම සමාගම විසින් සැම විටම සැමගේ රැකියා සුරක්ෂිතතාවය, සමාජශීලී හා හිතවත් සේවාවක් සහ සැමට සමාන අවස්ථා සැමවිටම ඇතිකිරීමට සමත්ව තිබීම සුවිශේෂ කරුණකි.

 

 

 

 

 

 

Post Views: 15
Previous Post

නවසීලන්තයේ රැකියා ඉලක්ක කරගත් පුහුණු වැඩසටහන් සඳහා යොමු කිරීමට පියවර

Next Post

කාංචන ජොක් නෙමෙයි ජනතාවට තෙල් ලබා දෙන්න – ජවිපේ අනුර

editor

editor

Next Post

කාංචන ජොක් නෙමෙයි ජනතාවට තෙල් ලබා දෙන්න - ජවිපේ අනුර

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved