27 April 2024
#දේශීය

ආයතන ප්‍රතිව්‍යුහගතකරණයට දේශීය සමාගමක් – රාජ්‍ය ඇමැති සියඹලාපිටිය

රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගතකරණ සිදු කරනු ලබන්නේ කිසිදු දේශපාලනික මැදිහත්වීමකින් තොර දේශීය සමාගමක් මගින් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ 27 (2) යටතේ අසන ලද ප්‍රශ්නයකට අද (04) පාර්ලිමේන්තුවේ දී අසන පිළිතුරු ලබා දෙමිනි.

මුදල් අමාත්‍යාංශය යටතේ පවතින අදාළ ආයතනය වෘත්තීය මට්ටමේ අධ්‍යක්ෂ මණ්ඩලයක් යටතේ සමාගම් පනතට අනුව විධිමත්ව පරිපාලන කරන බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ. ප්‍රතිව්‍යුහගත කළ යුතු රජයේ ව්‍යපාර Public Enterprise Holding Company Ltd නම් සමාගම යටතට පත් කෙරෙන අතර එම සමාගම මැලේසියානු සහ සිංගප්පූරු සමාගම්වල මොඩලයට සමාන බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

රාජ්‍ය ආදායම් ඉහළ නංවා ගැනීමට අනුගමනය කරනු ලබන ක්‍රමවේදයන් අතර ප්‍රතිව්‍යුහගතකරණයට අමතරව පාඩු ලබමින් පවතින ආයතන පෞද්ගලිකකරණය කිරීමත්, රාජ්‍ය – පෞද්ගලික හිමිකාරීත්වය යටතට පත් කිරීමත් යෝජනා වී තිබේ. ප්‍රතිව්‍යුහගතකරණය නියාමනය කෙරෙන අතර ඒ සඳහා එක් එක් අංශයට අදාළව වෙන වෙනම නියාමන ආයතන පිහිටුවන ලැබේ.

අමාත්‍යවරයා මෙහි දී රාජ්‍ය ව්‍යාපාර 450ක් පසුගිය දස වසර තුළ බලා ඇති සමස්ත පාඩුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය. 2012 වසරේ දී රුපියල් බිලියන 183ක්, 2013 දී බිලියන 186ක්, 2014 වසරේ දී බිලියන 186ක් වශයෙන් රජය පාඩු ලබා තිබේ. 2015 වසරේ දී අදාළ ආයතනවල පාඩුව රුපියල් බිලියන 271කි. 2016 දී බිලියන 180ත්, 2017 දී බිලියන 260ක්, 2018 දී බිලියන 265ක්, 2019 දී බිලියන 268ක් වශයෙන් අදාළ ආයතන අලාභ ලබා ඇතැයි අමාත්‍යවරයා පැවැසීය. 2020 වසරේ දී බිලියන 436ක අලාභයක් පෙන්වා ඇති එම ආයතන පිළිවෙළින් 2021 සහ 2022 වසරවල ලබා ඇති අලාභයන් රුපියල් බිලියන 337ක් සහ 322ක් ලෙස සටහන් වී ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *