• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

වාරි ක්ෂේත‍්‍රයේ පුළුල් පරිවර්තනයක් සිදු කරනවා – ජනපති

22 August 2018
in සංවර්ධන

රට ගොඩනගන සංවර්ධන වැඩපිළිවෙළේදී ගොවි ආර්ථිකය නඟා සිටුවන සංවර්ධන ව්‍යාපෘතිවලට ප‍්‍රමුඛත්වයක් ලබා දෙන්නේ මේ රට ගොඩනැගිය හැකි නිවැරදි මාවත කෘෂිකර්මාන්තය නිසා බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසයි.

ඒ උදෙසා සිදුකරන ආයෝජනවල ප‍්‍රතිඵල ද පැහැදිලි අතර ඒ තුළින් ජනතාවට කඩිනමින් ප‍්‍රතිලාභ හිමිවන බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ජනාධිපතිවරයා මේ බව පෙන්වා දුන්නේ මෙම 24 වනදා දියත් කිරීමට නියමිත එල්ලංගා පද්ධති මගින් සබැඳුන ග‍්‍රාමීය වැව් 2400ක් ප‍්‍රතිසංස්කරණ මහා වාරි සත්කාරය සහ වයඹ ඇළ දෙවැනි අදියර වැඩ ආරම්භ කිරීමේ කටයුතු පිළිබඳ දැනුවත් කිරීමට ඊයේ (21) පස්වරුවේ කොටුව ජනාධිපති මන්දිරයේ දී මාධ්‍යවේදීන් හමු වූ අවස්ථාවේදී ය.

ණය බරින් නිදහස් වූ ආර්ථික සමෘද්ධිය ඇති ස්වයංපෝෂිත ජාතියක් ලෙස හෙට දවසේ නැගී සිටිය හැක්කේ ද කෘෂිකාර්මික ක්ෂේත‍්‍රයේ සිදුකෙරන විප්ලවීය පරිවර්තනය තුළින් බව ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

කෘෂිකාර්මික රටක් වුව ද ගොවි ආර්ථික නගාසිටුවන සංවර්ධන ව්‍යාපෘති සඳහා පසුගිය කාලය තුළ ප‍්‍රමුඛත්වයක් හිමි නොවීම තුළින් ගොවි ජනතාවගේ ගැටලූවට විසඳුම් හිමි නොවූ බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

කෘෂි ක්ෂේත‍්‍රයේ සංවර්ධනය වෙනුවෙන් රජය කි‍්‍රයාත්මක කරන ව්‍යාපෘති සඳහා සහය දැක්වීමට ලෝකයේ රටවල් රැසක් මේ වන විට ඉදිරිපත් වී ඇති බව සඳහන් කළ ජනාධිපතිවරයා එම ආයෝජන කිසිසේත් රටට ණය බරක් ඇති නොකරන බව ද කියා සිටියේය.

මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති සමග නිරන්තරයෙන් අත්වැල් බැඳගන්නා වංචා දූෂණ පිළිබඳ කළු පැල්ලම් වත්මන් රජයේ තෙවසරක සංවර්ධන වැඩපිළිවෙළ තුළ දක්නට නොලැබුණු බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් ප‍්‍රකාශ කළේය.

එල්ලංගා පද්ධති මගින් සබැඳුන ග‍්‍රාමීය වැව් 2400 ක් ප‍්‍රතිසංස්කරණය කිරීමේ මහා වාරි සත්කාරයේ සමාරම්භය සහ වයඹ ඇළ ව්‍යාපෘතියේ දෙවන අදියරේ කටයුතු ආරම්භ කිරීම ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් මෙම 24 වනදා පොල්පිතිගම, කුඹුකුලාව වැව් පරිශ‍්‍රයේදී සිදු කෙරේ.

වයඹ පළාතේ ගොවි ජනතාවට වසර ගණනාවක සිට යල – මහ කන්න දෙක අස්වැද්දීමට අවශ්‍ය ජලය නොමැතිවීමේ ගැටලූවට විසඳුම් ලබාදෙමින් මොරගහකන්ද – කළුගග මහා වාරි ව්‍යාපෘතියේ අතුරු ප‍්‍රතිඵලයක් ලෙස ජනාධිපතිවරයාගේ මගපෙන්වීම යටතේ 2017 වසරේදී වයඹ ඇළ ව්‍යාපෘතිය කි‍්‍රයාවට නැංවිණි.

මාතලේ දිස්ති‍්‍රක්කයේ පිහිටි කුඩා වැව් පද්ධතින් වෙත ජලය සපයා වෑමැඩිල්ල හා දේවහුව යන මහා වාරි ව්‍යාපෘතිවල සුරක්ෂිත ජල සැපයුම ලබාදීම හා කුරුණෑගල දිස්ති‍්‍රක්කයේ උතුරු ප‍්‍රදේශයේ පානීය ජල හි`ගයට තිරසාර විසඳුමක් ලබාදීම ද මෙමගින් අපේක්ෂිතය. වාර්ෂිකව අක්කර අඩි 105,000කට වාරි ජලය අඛණ්ඩව ලැබීම, කුඩා වැව් 353 ක් සහ ප‍්‍රධාන වැව් 08 ක් මහවැලි ජලයෙන් පෝෂණය වීම, වගාබිම් හෙක්ටයාර් 12,500ක් සංවර්ධනය වීම මෙහි ප‍්‍රතිලාභ වේ.

මාධ්‍ය ආයතන ප‍්‍රධානින් සහ නියෝජිතයින් සමග පැවති හමුවට මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක, මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සරත් චන්ද්‍රසිරි විතාන යන මහත්වරුන් ද වයඹ ඇළ ව්‍යාපෘතිය භාර ඉංජිනේරුවරුන්, නිලධාරින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Post Views: 7
Previous Post

ශ්‍රී ලංකාව සහ ජපානය අතර ආරක්ෂක අවබෝධතා ගිවිසුමක්

Next Post

පළාත් සභා සීමා නිර්ණය වාර්තාව පිළිබඳ අද පක්ෂ නායක රැස්වීමක්

editor

editor

Next Post

පළාත් සභා සීමා නිර්ණය වාර්තාව පිළිබඳ අද පක්ෂ නායක රැස්වීමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved