27 April 2024
#දේශීය

ජංගම දුරකතනයක් සම්බන්ධ ආරවුලකින් අයෙකු මරුට

නොරොච්චෝලය, දළුව ප්‍රදේශයේ ඊයේ (30) රාත්‍රියේදී තියුණු ආයුධවලින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව පොලිසිය පවසයි.

මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 30 ක් වු ජයකොඩිවත්ත ප්‍රදේශයේ පදිංචි විවාහක පුද්ගලයෙකු වේ. ජංගම දුරකතනයක් සම්බන්ධයෙන් ඇති වු ආරවුලක් මත මෙම ඝාතනය සිදුව ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත.

මෘත ශරීරය පශ්චාත් මරණ පරික්ෂණය සඳහා පුත්තලම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

මෙම ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් සිව් දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා නොරොච්චෝලය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *