27 April 2024
#දේශීය

වැසිකිලිවලට වැටී පුද්ගලයෙකු මිය යයි

මුන්දලම, නවදන්කුලම ප්‍රදේශයේ ඉඩමක අලුතින් ඉදිකරන ලද ජලය පිරි තිබු වැසිකිලි වලකට වැටී පුද්ගලයෙකු ඊයේ (11) දින මිය ගොස් ඇති බව පොලිිසිය පවසයි.

මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 28 ක් වු විහේන්කට්ටුව, නවදන්කුලම ප්‍ර දේශයේ පදිංචිකරුවෙකි. මිය ගිය පුද්ගලයා පසුගිය 10 වනදා මළ ගෙදරකට සහභාගී වී ඇති අතර එහිදී ඇති වු බහින් බස්වීමකදී පහරකෑමකට ලක්ව දිව යාමේදී වැසිකිලි වලට වැටී ඇති බව අනාවරණ වී ඇති බව පොලිස් මාධ්‍ය කාර්යාලය පවසයි.

මෘත ශරීරය පුත්තලම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මුන්දලම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *