27 April 2024
#දේශීය

සී ෂෙල්ස් මහකොමසාරිස් හා ඇමැති කෙහෙලිය රඹුක්වැල්ල මහතා අතර හමුවක්

ශ්‍රී ලංකාවේ සී ෂෙල්ස් මහකොමසාරිස් Lalatiana Accouchee මහත්මිය හා සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අතර සුහද හමුවක් ඊයේ (04) පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යංශයේදී සිදු විය.

සංචාරක කර්මාන්තය ප්‍රධාන ආදායම් මාර්ගය වූ සී ෂෙල්ස් රාජ්‍යයද අනෙක් සියලු රටවල් මෙන්ම කොවිඩ් වසංගතය හමුවේ විශාල පසුබෑමකට ලක්වූ බවත් මහ කොමසාරිස්වරිය පැවසුවාය.

ශ්‍රී ලංකාවද කොවිඩ් වසංගතයෙන් පසු දැඩි ආර්ථික පසුබෑමකට ලක්වූ බවත් මේ වන විට ඉන් යම් තාක් දුරකට මිදෙමින් සිටින බවත් මේ නිසා ඕනෑම තත්ත්වයකට මුහුණ දීමේ ශක්තියක් මෙරට සෞඛ්‍ය කාර්යය මණ්ඩලය සතු වන බවද සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *