27 April 2024
#දේශීය

ප්‍රංශ තානාපති සහ ජාතික ජනබලවේගයේ නායක අතර හමුවක්

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති ජෝන් ෆ්‍රාන්සුවා පැක්ටෙට් (Jean-François Pactet) මහතා සහ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් පැවැත්විණ.

ඒ ඊයේ (17) පස්වරුවේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදීය.

මෙම හමුවේදී ශ්‍රී ලංකාවේ මේ වන විට පවතින ආර්ථික හා දේශපාලන තත්වය පිළිබඳව සාකච්ඡාවට ලක්වූ අතර ත්‍රස්තවිරෝධී පනත සහ මැතිවරණ කල් දැමීම යන ප්‍රජාතන්ත්‍ර විරෝධී තත්වයන් පිළිබඳවද අවධානය යොමු කෙරිණි.

එසේම ශ්‍රී ලංකාව සහ ප්‍රංශය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාවන්ට මෙම වසරේ වසර 75ක කාලයක් සම්පූර්ණ වීම පිළිබඳව සැලකිල්ලට ලක් කරමින් ජාතික ජන බලවේගය අඛණ්ඩ ශ්‍රී ලංකා – ප්‍රංශ සබඳතාවට සුබපැතුම් පිරිනැමීමටද මෙය අවස්ථාවක් කර ගත්තේය.

මෙම සාකච්ඡාවට ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික විජිත හේරත් මහතා ද එක්ව සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *