27 April 2024
#දේශීය #පුවත්

මාලදිවයින් කතානායකවරයා හා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා අතර හමුවක්

මාලදිවයින පාර්ලිමේන්තුවේ කථානායක මොහොමඩ් අස්ලාම් මහතා හා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර හමුවක් ඊයේ (18) දින අරලියගහ මන්දිරයේදී සිදුවු බව අගමැති මාධ්‍ය අංශය පවසයි.

මාලදිවයින් අධ්‍යාපන ක්‍ෂේත්‍රයට ශ්‍රී ලාංකිකයින් දක්වන බුද්ධිමය දායකත්වය දක්වන අතර බොහෝ ශ්‍රී ලාංකික ගුරුවරුන් මාලදිවයිනේ පෙර පාසල් සහ පාසල්වල සේවය කරන බව මාලදිවයින් කතානායකවරයා පැවසිය.

මාලදිවයින් ආයෝජනවලින් 10%ක් ආයෝජනය කර ඇත්තේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන සමාගම් විසින් වීම විශේෂත්වයක් බව කතානායකවරයා පැවසීය.

ආසියා කලාපයෙන් අපේ ස්ථාවර කමිටුවට ශ්‍රී ලංකාව නම් කර ඇති බවද කතානායකවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

රාජ්‍ය අමාත්‍යවරුන් වන විදුර වික්‍රමනායක, කාදර් මස්ථාන්, සිසිර ජයකොඩි, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මෙම අවස්ථාවට එක්විය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *