27 April 2024
#දේශීය

කැනේඩියානු නව මහකොමසාරිස් සහ NPP අතර හමුවක්

ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ නව කැනේඩියානු මහ කොමසාරිස් එරික් වෝල්ෂ් මහතා සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් අද (10) දින පස්වරුවේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී සිදු විය.

මෙම හමුව සඳහා කැනේඩියානු මහ කොමසාරිස් කාර්යාලයේ දේශපාලන නිලධාරි ගෝබිනාත් පොන්නුතුරෙයි මහතා සහ ජාතික ජන බලවේගය වෙනුවෙන් එහි ජාතික විධායක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ද එක්ව සිටියහ.

මෙහිදී ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දී ඇති ආර්ථික අර්බුදය සහ වත්මන් දේශපාලන තත්වය පිළිබඳව මෙහිදී විශේෂයෙන් සාකච්ඡාවට ලක්ව තිබේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *