• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කට පාඩම් කර ගැනීමට සීමා නොවු ප්‍රායෝගික අභියෝග ජයගැනීමේ ක්‍රමයක් සකස් කරනවා – අධ්‍යාපන ඇමැති

1 September 2020
in දේශීය

කටපාඩම් කරගත් විෂය කරුණුවලට සීමා නොවී, තාර්කික බුද්ධිය සහ විශ්ලේෂණ හැකියාව සහිතව අභියෝග ජය ගැනීමේ ප්‍රායෝගික හැකියාව ඇති දරුවන් අධ්‍යාපන පද්ධතියෙන් බිහිකිරීම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල අරමුණ බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ, විෂය මාලා සංශෝධනය ඇතුළු නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ස්ථාපනය කරන ලද ජනාධිපති කාර්ය සාධන බළකායේ නියෝජිතයින් සහ අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යවරුන් අතර ඊයේ පස්වරුවේ (31) අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවැති විශේෂ හමුවකට එක්වෙමිනි.

විෂයමාලා ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් යෝජිත කැබිනට් පත්‍රිකාවේ ප්‍රමුඛ අවධානය යොමු කර ඇත්තේ ද විෂය අන්තර්ගතය සහ ඉගෙනුම් ක්‍රමවේද තුළ අධ්‍යාපනයේ වඩාත් ප්‍රායෝගික පිවිසුමක් ඇතිකිරීම බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

තාක්ෂණ හා වෘත්තීය අධ්‍යාපනය සඳහා විවිධ මට්ටම්වලින් දරුවාට ප්‍රවේශ වීමට අවස්ථාව සලසා දීම සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

නූතනයට ගැළපෙන ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් සකස් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති කාර්ය සාධන බළකාය මැදිහත්වීමෙන් දැනටමත් ගෙන ඇති ක්‍රියාමාර්ග, යෝජිත සංවර්ධන උපාය මාර්ග සහ සැලසුම් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡාවට ලක්විය.

ඉදිරි අධ්‍යාපන සැලසුම් සම්බන්ධයෙන් සහාය ලබාදීමට රාජ්‍ය හා රාජ්‍ය නොවන පාර්ශව තිහකට අධික ප්‍රමාණයක් ජනාධිපති කාර්යය සාධන බළකාය සමඟ එක්ව සිටින අතර, පෙර පාසල්, සාමාන්‍ය අධ්‍යාපනය උසස් අධ්‍යාපනය, වෘත්තීය අධ්‍යාපනය ආදී සියලු අංශයන් සම්බන්ධයෙන් වෙන්වෙන්ව සොයා බැලීම සඳහා කේන්ද්‍රීය කණ්ඩායම් පත්කිරීමට ද, එම ක්ෂේත්‍රයන්හි සංවර්ධනය වෙනුවෙන් වඩාත් ප්‍රායෝගික ක්‍රියාමාර්ග හඳුන්වාදීම සඳහා අවශ්‍ය තීන්දු තීරණ ගැනීමට ජනාධිපති කාර්ය සාධන බළකාය මැදිහත් වන ආකාරය ද මෙහිදී පෙන්වා දෙන ලදී.

වර්තමානයේ අපේ රටේ අධ්‍යාපනයේ පවත්නා බරපතලම ගැටලුව වන්නේ සිසුන් විසින් ලබා ගන්නා විෂය දැනුම සහ රැකියා අවස්ථා අතර පවත්නා පරතරය බව මෙහිදී අධ්‍යාපන අමාත්‍යවරයා පෙන්වා දෙන ලදී. විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා උසස් පෙළ සමත් වී දිගු කලක් බලා සිටින්නට සිදුවීම නිසා මෙතෙක් සිසුන්ට මුහුණ දීමට සිදුව ඇති තත්ත්වයද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

නූතන වෘත්තීය අවශ්‍යතා නිවැරැදිව හඳුනා ගනිමින් ඒ සඳහා ගැළපෙන විෂය දැනුම අධ්‍යාපනයේ විවිධ ස්ථර හරහා දරුවන්ට ලබා දිය යුතු බවත්, ඒ සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ කඩිනමින් අධ්‍යාපන පද්ධතිය තුළ සිදුවිය යුතු බවත් අමාත්‍යවරයා පැවසීය. ජනාධිපති කාර්ය සාධන බළකායට මෙහිලා ප්‍රබල වගකීමක් පැවරෙන බවත්, දිස්ත්‍රික් මට්ටමින් අධ්‍යාපනඥයින් විදුහල්පතිවරුන් ගුරුවරුන් දෙමව්පියන් ඇතුළු සමස්ත අධ්‍යාපන පද්ධතිය නියෝජනය කරන පාර්ශවකරුවන් වෙතින් ලබා ගන්නා අදහස්,යෝජනා මෙහිදී ඉතා වැදගත් වන බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.

 

මෙම අවස්ථාවට නිපුණතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ සහ නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සීතා අරඹේපොළ, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්ව විද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත, කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා යන රාජ්‍ය අමාත්‍යවරුන් සහ ජනාධිපති කාර්ය සාධන බළකාය නියෝජනය කරමින් අධ්‍යාපන ලේකම්,මහාචාර්ය කපිල පෙරේරා, ආචාර්ය අනුර දිසානායක, ආචාර්ය උපාලි සේදර, නව නිපැයුම් රාජ්‍ය ලේකම් එන්.එච්.එම් චිත්‍රානන්ද, අධ්‍යාපන රාජ්‍ය ලේකම් එස්.එච් හරිස්චන්ද්‍ර, උසස් අධ්‍යාපන අතිරේක ලේකම් දීපා ලියනගේ යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීන් රැසක් එක්ව සිටියහ.

 

 

Post Views: 9
Previous Post

අල්ටයර් නේවාසික සහ වාණිජ ගොඩනැගිල්ල ජනපති නිරීක්ෂණයට

Next Post

අද වන විට PCR පරීක්ෂණ 228,052 ක්.

editor

editor

Next Post

අද වන විට PCR පරීක්ෂණ 228,052 ක්.

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved