27 April 2024
#වෙනත්

උතුරු මැද පළාත් සභාවේ ජංගම වෛද්‍ය සායනයක්

උතුරු මැද පළාත් සභාවේ සේවය කරන නිලධාරීන් සහ කාර්ය මණ්ඩලය සඳහා ජංගම වෛද්‍ය සායනයක් උතුරු මැද පළාත් ආණ්ඩුකාරවර මහීපාල හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10) දින පැවැත්විණි.

එමගින් වකුගඩු ,පරීක්ෂාව දියවැඩියා පරීක්ෂාව, කොලොස්ට්‍රෝල් ,අධි රුධිර පීඩන පරීක්ෂාව, අක්මා පරීක්ෂාව, ආදී බෝනොවන රෝගී පරික්ෂා මෙහිදී සිදු කෙරිණි

උතුරු මැද පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට අයත් ජංගම රසායනාගාර බස් රථයේ ඇති රසායනාගාරය මේ සඳහා යොදා ගැනිණි. පළාත් සභා නිලධාරීන් සහ කාර්ය මණ්ඩල සේවකයින්ගේ කාර්යබහුලත්වය නිසා ඔවුන්ට මෙම පරීක්ෂාව සිදුකරගැනීමේ අපහසුතාවයට මෙය මහත් පිටුවහලක් විය.

මෙම අවස්ථාවට උතුරුමැද පළාත් ප්‍රධාන ලේකම් චන්ද්‍රසිරි බණ්ඩාර පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කේ එම් එස් ඩී ජයසේකර ඇතුළු පළාත් සභා ලේකම්වරු පළාත් සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය පාලිත බණ්ඩාර මහතා ඇතුළු සෞඛ්‍ය නිලධාරීන් සහ පළාත් සභාවේ සියලුම කාර්ය මණ්ඩලය සේවකයින් මෙම ජංගම වෛද්‍ය සායනයට සහභාගි විය.

 

තිසර සමල් – අනුරාධපුර

Leave a comment

Your email address will not be published. Required fields are marked *