27 April 2024
#දේශීය

පස් කන්දක් කඩා වැටී හිමිනමක් අපවත් වෙයි

පේරාදෙණිය, දඩුවාව පුරාණ රජමහා විහාරයේ උඩ මළුවේ පුජා පවත්වමින් සිටියදී පස් කන්දක් කඩා වැටිමෙන් ස්වාමින්වහන්සේ නමක් අපවත්ව ඇති බව පොලිසිය පවසයි.

ඊයේ (19) රාත්‍රියේදී මෙම පස් කන්ද කඩා වැටී ඇති අතර බරපතල තුවාල ලබා සිටි හිමිනම පේරාදෙණිය රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව අපවත්වී ඇත.

අපවත් වු හිමිනම වයස අවුරුදු 18 ක් වන දඩුවාව පුරාණ රජමහා විහාරයේ වැඩ වාසය කල හිමිනමකි. මෘත ශරීරය පේරාදෙණිය රෝහලේ මෘත ශරිරාගාරයේ තැන්පත් කර ඇති අතර පේරාදෙණිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *