• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ආනයනික රසායනික පොහොර සහ බීජවල ප්‍රමිතිය හා මිල නියාමනයට ජාතික ප්‍රතිපත්තියක් – වීරසිංහ

5 September 2023
in දේශීය

මෙරටට ආනයනය කරනු ලබන රසායනික පොහොර සහ බීජවල ප්‍රමිතිය හා මිල නියාමනය කිරීමට ජාතික ප්‍රතිපත්තියක් සකස් කරන බව ආහාර සුරක්ෂිතතාව හා කෘෂිකර්මය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වීරසිංහ මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (05) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

රසායනික පොහොර 70%ක් සහ කාබනික පොහොර 30%ක් ලෙස සමානුපාතිකව භාවිත කිරීම මඟින් හෙක්ටයාරයක් සඳහා ලබාගත හැකි ඉහළම අස්වැන්නක් ලබා ගත හැකි බව 2003 වසරේ සිට කරගෙන ආ පර්යේෂණාත්මක දත්ත මත තහවුරු වී ඇති බවත්, යෝජිත ජාතික ප්‍රතිපත්තියට එම කරුණු ද ඇතුළත් කිරීමට කටයුතු කරන බවත් ඒ මහතා පැවසී ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඩී. වීරසිංහ මහතා ” ආණ්ඩු වෙනස් වුවත් වෙනස් නොවන ජාතික ප්‍රතිපත්තියක් සෑම ක්ෂේත්‍රයකටම අවශ්‍යයි. කෘෂිකර්ම කේෂ්ත්‍රය සඳහා අවම වශයෙන් වසර 25ක්වත් ක්‍රියාත්මක ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍යව තිබෙනවා. කෘෂිකර්ම කේෂ්ත්‍රයේ ගුණාත්මකභාවය නැති වුවහොත් අනාගතයේදී රටේ කෘෂිකර්මාන්තය ඇඳ වැටෙනවා. ඒ වගේම ආනයනය කරන රසායනික පොහොර සහ බීජ සම්බන්ධයෙන් සහ ඒවායෙහි මිල නියාමනයට ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍යයි. ඒ පිළිබඳ වාර්තාවක් ඊළඟ ආංශික අධීක්ෂණ කමිටු රැස්වීමට ඉදිරිපත් කිරීමට කටයුතු කරනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් අනුව ගොවි ජනතාවට නවීන තාක්ෂණික දැනුම ලබාදීමට සැලසුම් කර තිබෙනවා. ඒ වගේම පොහොර භාවිතය පිළිබඳව ද ගොවීන්ට ‍පුහුණුවක් ලබාදීමටත් පියවර ගන්නවා. දශක ගණනාවක් පුරා රසායනික පොහොර භාවිත කිරීම නිසා පසේ ගුණාත්මකභාවය අඩු වෙලා තිබෙනවා. වගා සඳහා රසායනික පොහොර 70%ක් සහ කාබනික පොහොර 30%ක් යෙදීමට නිර්දේශ කර තිබෙනවා. ගුණාත්මකභාවයෙන් යුත් පොහොර නිෂ්පාදනය කරන සමාගම් මේ රටේ තිබෙනවා. නමුත් පසුගිය කාලයේ පොහොර සම්බන්ධයෙන් ඇති වූ ප්‍රශ්න හේතුවෙන් ඔවුන්ගේ ප්‍රතිරූපයට යම් හානියක් සිදුව තිබෙනවා. එය යළිත් නිවැරදි කරගෙන ව්‍යාපාරිකයන් ආරක්ෂා කරගනිමින් මෙරට කෘෂිකර්මාන්තය නඟාසිටුවීමට වැඩපිළිවෙළකස් සකස් කළ යුතුයි. ජෛව‍ පොහොර හා දියර පොහොර නිෂ්පාදනය කරන ව්‍යවසායකයන් ඒකරාශී කරගෙන මෙම වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යා යුතුයි. මෙම වැඩපිළිවෙළ එක රැයකින් කරන්න බැහැ. අඩුම තරමින් කන්න පහකදීවත් ගොවීන්ට කාබනික පොහොර ලබාදී මේ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට කටයුතු කිරීම අවශ්‍යයි. එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන යටතේ 2030 වන විට පරිසරයට මුදාහරින නයිට්‍රජන් අපද්‍රව්‍ය 50%කින් අඩු කළ යුතු බවට එකඟ වෙලා තිබෙනවා. ඒ නිසා එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම අනිවාර්යයි. ඒ වගේම මේ වන විට යුරෝපා සංගමය තීන්දු කර තිබෙනවා 2030 වන විට ඔවුන්ගේ රටවලට ලෝකයේ නිෂ්පාදනය කරන පලතුරු සහ එළවළු මිලදී ගැනීමේදී කාබනික පොහොර යෙදූ නිෂ්පාදන මිලදී ගැනීමට. එසේ නම් අනාගතයේදී අප එළවළු සහ පලතුරු අපනයනය කිරීමට බලාපොරොත්තු වෙනවා නම්, කාබනික පොහොර භාවිතයට නැඹුරු විය යුතුයි. එම නිසා තමයි කාබනික පොහොර යෙදූ නිෂ්පාදන ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාමට තීරණය කර තිබෙන්නේ. 100%ක් රසායනික ‍ පොහොර භාවිත කර සිදු කරන වගාවන්ට වඩා, නැනෝ පොහොර භාවිතයෙන් 40%කින් අස්වැන්න වැඩි කර ගැනීමට හැකියාව තිබෙනවා. ඒ වගේම 70%ක් කාබනික පොහොර සහ 30%ක් රසායනික පොහොර මගින් අස්වැන්න 13% සිට 25% දක්වා වැඩි කර ගැනීමට හැකියාව තිබෙනවා යැයි මන්ත්‍රී ඩී. වීරසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 21
Previous Post

ව්‍යවහාරික පොලිස් අධ්‍යාපන උපාධි පාඨමාලාවේ සමාරම්භක වැඩසටහන ඇමැති ටිරාන්ගේ ප්‍රධානත්වයෙන්

Next Post

මෙරටට විටමින් “සී” ඖෂධය සැපයීම සිදු කරන්නේ ගර්භණි මාතාවන් සහ දරුවන්ට බහුලව දෙන නිසා – අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල

editor

editor

Next Post

මෙරටට විටමින් “සී” ඖෂධය සැපයීම සිදු කරන්නේ ගර්භණි මාතාවන් සහ දරුවන්ට බහුලව දෙන නිසා - අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved