• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

බදු මුදල් ගසා කන ආණ්ඩුවේ අලුත් මාෆියාවක් – විපක්ෂ නායක සජිත්

2 August 2023
in දේශීය

විදුලි බල උත්පාදනයේ ගැටලුවක් ළගදීම එන බවත් ඒ නිසා පෞද්ගලික මිල දී ගැනීම්වලට යාමට සිදුවන බවත් එසේ හදීසි මිලදී ගැනීමක් සිදුවනවා යනු ටෙන්ඩර් ක්‍රමයෙන් බැහැර වීමක් සිදුවන බවත් ඒ තුළ මුදල් ගසා කෑම් සිදුවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියෙ සක්වල වැඩසටහන යටතේ අද (2) නොච්චියාගම විද්‍යා ආදර්ශ මහා විද්‍යාලයට 74 වැනි බස් රථය ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙම බස් රථයෙ වටිනාකම රුපියල් ලක්ෂ 50ක් වේ.

ඩීසල් මාෆියා කරන පුද්ගලයන් සහ ඉන්ධන උපයෝගී කර ගෙන විදුලි සැපයුම් කරන ආයතන ඇතුළු බොහෝ දෙනා මේ හදීසි තත්ත්වය උපයෝගී කර ගෙන ඩොලර් කුට්ටි පිටින් කොමිස් ගැසීමට සුදානමින් සිටින බවත් ඖෂධ මිල දී ගැනීමේදී ද සිදු වූයේ මෙය බව හෙතෙම පැවසීය.

ඖෂධ ගෙන්වීමෙදී ඖෂධ නියාමන අධිකාරි පනතේ 58 වැනි වගන්තියෙ සදහන් ලියාපදිංචි ටෙන්ඩර් ප්‍රසම්පාදන ආකාරය අමතක කර ලියාපදිංචි ⁣නොකරන ලද ඖෂධ ගෙන්වීම නිසා ගජමිතුරන් සමග විශාල කොමිස් මුදල්ලබා ගන්නා දූෂිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බව හෙතෙම කියා සිටියේය.

මෙම ක්‍රමවේදයම විදුලි අර්බුදයක් එනවා යැයි පවසා ඉන්ධන මාෆියාව ඩීසල් මාෆියාවට පෞද්ගලික විදුලිජනන මාෆියාවට මුල් තැන දෙමින් ටෙන්ඩර්වලින් තොරව විදුලිය මිලදී ගැනීමට සූදානම් වන ඔහු අනාවරණ කලේය.

මේ සියලු දේවල් කරන්නෙ විදුලි බිල අවස්ථා දෙකකදී සියයට 500කින් වැඩි කරමින් බවත් එසේ වැඩි කර තිබියදී අඛණ්ඩව විදුලිය ලබා දීමට පෞද්ගලික මිල දී ගැනීම් සිදු කිරීමට අවශ්‍ය බවත් එසෙ නොමැති නම් අඛණ්ඩව විදුලි සැපයුම දිය නොහැකි බවට රජය පවසන බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ මේ තත්ත්වය තුළ ජලය නොමැතිව උඩවලව ව්‍යාපාරයේ මෙන්ම මුලු රටෙම ගොවීන් අසරණ වී ඇති බව යි.

නිසි ජල කලමනාකරණයක් නොමැති වීමත් රජයට ඒ සම්බන්ධයෙන් නිසි පුරෝකතනයක් නොමැති බවත් කිසිදු අවබෝධයක් නොමැතිව ජල ගැටලුවක් ඇති බවත් ගොවින්ට ජලය දිය නොහැකි බවට කැබිනට් එක පවා තීන්දු කර ඇති බවත් විපක්ෂනායකවරයා පැවසීය.

Post Views: 15
Previous Post

ජනාධිපතිවරණයට අපි වෙලාවට අපේ තුරුම්පු ආසියා ඉස්සරහට දානවා – ඇමති ප්‍රසන්න

Next Post

නව උපාධිධාරීන් ගුරුවරුන් ලෙස බඳවා ගැනීමට සූදානම් – ඇමති සුසිල්

editor

editor

Next Post

නව උපාධිධාරීන් ගුරුවරුන් ලෙස බඳවා ගැනීමට සූදානම් - ඇමති සුසිල්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved