27 April 2024
#දේශීය

ලස්සන රටක් නිර්මාණය කිරීමට ජාතික තරුණ සේවා සභාවෙන් අලූත් වැඩපිළිවෙලක්

තරුණ තරුණියන්ගේ නිර්මාණාත්මක හැකියාවන් තුළින් ගම අලංකාර කිරීමේ ව්‍යාපෘති 334 ආරම්භ කර ලස්සන පරිසරයක් ගම තුළින් නිර්මාණය කිරිමට ජාතික තරුණ සේවා සභාවෙන් නව ව්‍යාපෘතියක් හදුන්වා ඇත.

එම ව්‍යාපෘතිය “ලස්සන රටක් “යන තේමාව කරගනිමින් කටයුතු අරඹයි.

නගර අලංකරණය පිළිබඳව තරුණ තරුණියන් උනන්දු කරවීමත් පරිසර හිතකාමි තරුණ පරම්පරාවක් බිහි කිරීමේ අරමුණ ඇතිව ජාතික තරුණ සේවා තරුණ සේවා සභාව මෙම ව්‍යාපෘති ආරම්භ කර ඇති බව ජාතික තරුණ සේවා සභාවේ සභාපති තෙසාර ජයසිංහ මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ පසුගියදා පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

ජාතික තරුණ සේවා සභාව විසින් මෙම ව්‍යාපෘති සඳහා එක් කොට්ඨාසයකට රුපියල් 50,000 බැගින් රුපියල් එක්කෝටි හැට හත් ලක්ශයක මුදලක් වෙන්කර තියෙනවා .

අදාළ මුදල් චෙක් පත නිල වශයෙන් ජාතික තරුණ සේවා සභාවේ සභාපති සභාපතිවරයා විසින් යෞවන සමාජ සම්මේලනයේ ලේකම් dilshan chathuranga මහතා වෙත භාර දෙනු ලැබුවා.

Leave a comment

Your email address will not be published. Required fields are marked *