• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

නව ජල ගාස්තු සූත්‍රයක් සහ ප්‍රතිපත්තියක් නුදුරේදීම හඳුන්වා දෙනවා – ජන ඇමැති ජීවන්

19 July 2023
in දේශීය

මෙරට ජනතාවට අඛණ්ඩ පානීය ජල සැපයුමක් ලබාදීමේ අරමුණ ඇතිව නව ජල ගාස්තු සූත්‍රයක් සහ ප්‍රතිපත්තියක් නුදුරේදීම හඳුන්වා දෙන බව ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පවසයි.

ආයෝජන පිරිවැය ඉහළ යෑම හේතුවෙන් පවතින ජල ගාස්තුවල යම් සංශෝධනයක් සිදු වන නමුත්, එහි බලපෑම සමෘද්ධි ඇතුළු සමාජ සුබසාධක ප්‍රතිලාභ ලබන හා වතු නිවාස පාරිභෝගිකයන් හට අත්විඳීමට ඉඩක් නොතබන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (18) ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

මෙම වසර වන විට කඳුකර ජනතාව මෙරටට පැමිණ වසර 200ක් සම්පූර්ණ වන අතර, එය නිමිති කර ගනිමින් දිස්ත්‍රික් මට්ටමින් විශේෂ උත්සව සහ වැඩසටහන් රැසක් සංවිධානය කර ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා “ පසුගිය සමයේදී මාසිකව රුපියල් මිලියන 500ක පමණ මුදලක් නිෂ්පාදන පිරිවැය වෙනුවෙන් අතිරේකව යෙදවීමට ජලසම්පාදන මණ්ඩලයට සිදුවුණා. මීට අමතරව ආයෝජන පිරිවැය වශයෙන් මාසිකව රුපියල් බිලියන 2.8ක පමණ අලාභයක් මණ්ඩලයට දැරීමට සිදුවුණා. ජල ගාස්තු සංශෝධනය නොකළහොත් ජලසම්පාදන මණ්ඩලයේ වාර්ෂික අලාභය රුපියල් බිලියන 34ක් පමණ විය හැකියි. එබැවින් මෙම අලාභ තත්ත්වය තවදුරටත් සිදුවුවහොත් රටට සුරක්ෂිත ජල සේවාවක් සැපයීම බාධාවක් විය හැකියි.කෙසේ වෙතත් යම් ජල ගාස්තු සංශෝධනයක් සිදු වන විට සමෘද්ධි ප්‍රතිලාභීන් ඇතුළුව වතු නිවාස පාරිභෝගිකයන්ට මෙම ජල ගාස්තු වැඩිවීම අදාළ වන්නේ නැහැ. ඒ වගේම දැනටමත් ආර්ථික අභියෝගවලට මුහුණ දී සිටින ප්‍රජාව මත අසමානුපාතික බර පැටවීමක් සිදු නොවන බවට සහතික වෙනවා. ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ පිරිවැය ඉතුරුම් ක්‍රියාමාර්ගවලට සමගාමී අතිරික්ත සේවක කප්පාදුව, ජල සම්පාදනයට නවීන තාක්ෂණය යොදා ගැනීම ඇතුළු පියවර ගණනාවක් ගෙන තිබෙනවා. ප්‍රශස්ත ආයතනික ක්‍රමවේද අනුගමනය කිරීම තුළින් පිරිවැය – ඵලදායීතාවය උපරිම කිරීමට සහ පාරිභෝගික ජනතාවට අනවශ්‍ය මූල්‍ය පිරිවැයක් දැරීමට ඇති නොවන පරිදි කටයුතු කිරීමට ජල සම්පාදන මණ්ඩලය සෑම විටම කටයුතු කරනවා. ආසියානු සංවර්ධන බැංකුව – ශ්‍රී ලංකා රජය දක්වන එකඟතාවය සහ තිරසාර සංවර්ධනය සඳහා වන ප්‍රයත්නයට අනුකූලව නව ජල ගාස්තු සූතයක් සහ ප්‍රතිපත්තියක් ළඟදීම හඳුන්වා දෙනවා. ජල කේෂ්ත්‍රයේ දිගුකාලීන ශක්‍යතාව සහ සැමට පිරිසිදු ජලය, සනීපාරක්ෂාව සඳහා ප්‍රවේශය සහතික කිරීම කෙරෙහි අවධානය යොමු කර තිබෙනවා. මේ අනුව ‘තිරසර සංවර්ධන ඉලක්කයට අනුකූලව 6’ (SDG 6) සපුරාලීම ඉතා වැදගත් වෙනවා. කඳුකර වතු ජනතාව මෙරටට පැමිණ මේ වසර වන විට වසර 200ක් සම්පූර්ණ වෙනවා. ඒ වෙනුවෙන් දිවයින පුරා දිස්ත්‍රික් 13ක් කේන්ද්‍ර කර ගනිමින් විශේෂ උත්සව සහ වැඩසටහන් රැසක් සංවිධානය කර තිබෙන බව අමාත්‍ය ජිවන් තොණ්ඩමන් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 10
Previous Post

සියලු පක්ෂ නායකයන් කැමැතිනම් 13 වන සංශෝධනය පූර්ණ ලෙස බලාත්මක කළ හැකියි – ජනපති

Next Post

විදේශ රැකියා සඳහා සම්බන්ධ කරන IGRS වැඩසටහන ග්ලෝකල් ෆෙයාර් ජනගත කෙරේ

editor

editor

Next Post

විදේශ රැකියා සඳහා සම්බන්ධ කරන IGRS වැඩසටහන ග්ලෝකල් ෆෙයාර් ජනගත කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved