27 April 2024
#දේශීය

පාසල් විෂය මාලාවට ” නීතිය” විෂය එක් කිරීමට පාර්ලිමේන්තු කාරක සභාවක්

පාසල් විෂය මාලාවට ‘නීතිය’ විෂය ඇතුළත් කිරීම සදහා උචිත ක්‍රමවේදයක් සකස් කිරීමට පාර්ලිමේන්තු අනු කාරක සභාවක් පත්කර තිබේ.

ඒ, අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතාගේ හා අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා රැස්වූ එම අමාත්‍යාංශවල ඒකාබද්ධ උපදේශක කාරක සභා විශේෂ රැස්වීමේදී මෙම අනු කාරක සභාව පත්කිරීම සිදුවිය.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන රවුෆ් හකීම්, සිවඥානම් ශ්‍රීතරන්, වීරසුමන වීරසිංහ, සාගර කාරියවසම්, අමරකීර්ති අතුකෝරළ, ඩයනා ගමගේ, (මේජර්) සුදර්ශන දෙනිපිටිය යන සාමාජිකයන් 8 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කෙරිණි. එහි ලේකම් ලෙස පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් ටිකිරි කේ. ජයතිලක මහතා කටයුතු කරනු ඇත.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *