27 April 2024
#දේශීය

පවුම් 28ක රන් භාණ්ඩ කොල්ල කෑ අයෙකු මාතලේ දි දැලේ

මාතලේ මීවත්තකුඹුර පාරේ නිවසකින් රුපියල් ලක්ෂ 42කට වැඩි වටිනාකමින් යුත් රණ් භාණ්ඩ කොල්ල කෑ පුද්ගලයකු 09දා අත්අඩංගුවට ගත් බව මාතලේ මුලස්ථාන පොලිසිය පවසයි.

සැකකරු විසින් කොල්ල කෑ රන් භාණ්ඩ පවුම් 28ක් පමණ බරින් යුතුව ඇති අතර මාල,මුදු. වළලු.ඇතුළු භාණ්ඩ රැසක් මෙසේ සැකකරු විසින් සොරාගෙන ඇති අතර භාණ්ඩ කොල්ල කා ප්‍රදේශයෙන් පළා ගොස් වව්නියාව ප්‍රදේශයේ සිය බිරිදගේ නිවසයේ රැදි සිටියදි කොල්ල කෑ රන් භාණ්ඩ සමග සැකකරු අත්අඩංගුවට ගත් බවද පොලිසිය කියයි.

සැකකරු නාඋල අරංගල ප්‍රදේශයේ පදිංචි අයෙක් බවත් මිට පෙරද විවිධ වැරදි සදහා පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බවද පොලිසිය කියයි.

සැකකරු මාතලේ මහේස්ත්‍රාත් අධීකරණය හමුවට ඉදිරිපත් කිරිමට නියමිතය.

මාතලේ කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධීකාරි අනුරුද්ධ බණ්ඩාරනායක මහතාගේ උපදෙස් අනුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි දේශප්‍රිය වනිගසේකර මහතාගේ මෙහෙයවිම මත මාතලේ මුලස්ථාන වැඩබලන ප්‍රධාන පොලිස් පරික්ෂක සුසිල් රත්නායක මහතා,අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උ.පො ප ඊ.ඩබ් ඒකනායක,උ.පො.ප බණ්ඩාර,සේනාරත්න,හෙට්ටිආරච්චි ,පො.කො 85827 හේවගේ,පො.කො66784 කරුණාරත්න,පො.සැරයන්වරුන් වන 35893 අසේල,6922 බණ්ඩාරනායක,36715 විජේසුන්දර,37281 දිසානායක,45396 විපුල,35809 දිමුතු,35817 දයාරත්න,57114 ජනක යන නිලධාරින් මෙම වැටලිම සිදුකළහ.

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *