27 April 2024
#දේශීය

වන අලියෙකු පලවා හැරීමට ගිය අයෙකු මරුට

මීගලෑව, උස්ගලසියඹලංගමුව ප්‍රදේශයේදී ඊයේ (22) අලුයම කාලයේදී වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

පොලිසිය පැවසුවේ මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 38 ක් වු ගල්ගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

වගාවන්ට හානි කිරීම සඳහා පැමිණි අලියකු පලවා හැරීමට යාමේදී එම අලියා පරදීමකින් එම පුද්ගලයා මිය ගොස් ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් මීගලෑව පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනු ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *