27 April 2024
#දේශීය

දිළිදු සහන ලබා දීම, ජාත්‍යන්තර මූල්ය අරමුදල වැඩසටහනේ අත්‍යවශ්‍ය කරුණකි – මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන්

එක් දිනකින් හෝ මෙම සහන ලබා දීමේ වැඩපිළිවෙල ප්‍රමාද කරන්නේ නම් සහන ලැබිය යුතු කණ්ඩායම් වලට පමණක් නොව මිලියන 22 ක පමණ රටේ ජනතාවගේ ආර්ථිකය යථාවත් කිරීම සඳහා කරනු ලබන අසාධාරණයක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේඊයේ දින (22) අනුරාධපුර දී මාධ්‍යවේදීන් පිරිසක් අමතමිනි.

financial ඇෂුවරන්ස් ලබා දෙමින් ජාත්යන්තර මූල්ය අරමුදලේ ඉල්ලීම වෙනුවෙන් දක්වන සහයෝගයට ණය හිමියන්ට ස්තුතිවන්ත වන නමුත් ජාත්යන්තර මූල්ය අරමුදලේ අවසානාත්මක අනුමැතිය ලබා දීමේ දී පවතින ආරථික අර් බුදය තුළ දිළිඳු සහ අවධානම් තීරුවේ ජීවත් වන ජනතාවට වැඩියෙන් සහන ලබා දීමේ අවශ්‍යතාවය පෙන්නුම් කර ඇති බව හෙතෙම පැවසයි.

එනම්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැඩසටහනට ඇතුළත් කිරීමේ දී දිළිදු සහන ලබා දීම අත්‍යවශ්‍ය කරුණක් වන අතර ඒ සඳහා විධිමත් හා විනිවිධභාවයකින් යුතු social register එකක් සකස් කර සත්‍යවශයෙන්ම සහන අවශ්‍ය කණ්ඩායම් හඳුනා ගැනීම වැදගත් වන අතර මේ වන විටත් සමාජ ප්‍රතිලාභ සහන ලබා දෙමින් සිටින බව රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.

ඒ සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍යයවරයා මෙසේ වැඩිදුරටත් අදහස් පල කලේය “මේ වන විට සහන ඉල්ලා ඇති පවුල් ගණන ලක්ෂ 37 කි. මෙම සහන ලබා දීම වෙනුවෙන් සුදුසු පවුල් තෝරා ගෙන සමාජ ලේඛණය (social register) සකස් කිරීමේ කටයුතු අවශ්ය නිලධාරීන් විසින් ඉටු කර, ප්රතිලාභ ඉල්ලුම් කර ඇති හා එම සහන ලබා දිය යුතු පවුල් වෙනුවෙන් සහන ලබා දීමට කටයුතු කළ යුතුය. ඒ අනුව දිළිඳු සහන අවදානම් මට්ටමේ සිටින ජනතාවට කඩිනමින් සහන ලබා දීම රජයේ හා රාජ්ය සේවකයින් ගේ වගකීමක් වේ. එසේ නොකරන්නේ නම් හැඟී යන කාරණය වන්නේ නොලැබිය යුතු කණ්ඩායම් වලට සහන ලබා දීම තවදුරටත් කර ගෙන යාමට සහයෝගය ලබා දීම සිදු කරන බවයි. එය බලවත් අසාධාරණයක්. මෙම නව වැඩපිළිවෙල කඩිනමින් සිදු කිරීමට සියලු දිස්ත්රික් ලේකම්වරුන්ට සුදුසු යැයි හැඟෙන ඕනෑම නිලධාරියකුගේ සේවය ලබා ගැනීමට හැකියාවක් පවතිනවා. මේ සම්බන්ධයෙන් සමාජ ප්රතිලාභ මණ්ඩලය සහ රාජ්ය පරිපාලන ලේකම් විසින් තවදුරටත් උපදෙස් ලබා දෙනු ඇත. කෙසේ වෙතත් මෙම සහන ලබා දීමේ වැඩපිළිවෙල කඩිනමින් ඉටු කිරීම තුළින් මිලියන 22 ක පමණ රටේ ජනතාවගේ ආර් ථිකය යථාවත් කිරීම සඳහා අතිශයින්ම වැදගත් කාරණයක් වනු ඇත.” යැයි අමාත්‍යවරයා කියා සිටියේය.

 

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *