• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රටට සෙත් පතා සඳහිරු සෑය අභියස දී පිරිත් සජ්ඣායනාවක්

21 May 2023
in දේශීය

රටට, ජනතාවට, ජීවිත පරිත්‍යාග කල රණවිරුවන්ට සහ රණක්‍ෂිතයට පත් රණවිරුවන්ට ආශිර්වාද පතා වාර්ෂිකව පැවැත්වෙන ‘ජය පිරිත්’ සජ්ඣායනාව මහා සංඝරත්නය විසින් සඳහිරු සෑ පරිශ්‍රයේදී අද (21) පැවැත්විණ.

ඒ, ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු. ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් සහ ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න ගේ ප්‍රධානත්වයෙනි.

මෙම ආගමික ආශිර්වාද වැඩසටහනට ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, ත්‍රිවිධ හමුදාපතිවරුන්, උසස් රාජ්‍ය හා හමුදා නිලධාරීන් සහ සම්භාවනීය ආරාධිත අමුත්තන් පිරිසක් මෙම පිංකම සඳහා සහභාගී විය.

ත්‍රිවිධ හමුදාවට ආශිර්වාද පතා 2008 වස‌රේ සිට වාර්ෂිකව ජය පිරිත් සජ්ඣායනය මෙවරත් උත්සවශීයෙන් පැවැත්වේ.

පූජ්‍ය පල්ලේගම හේමරතනාභිදාන නායක හිමිපාණන් වහන්සේ ප්‍රමුඛව පූජ්‍ය රළපානවේ ධම්මජෝති නායක ස්වාමින් වහන්සේ සහ පූජ්‍ය වැලිහේනේ සෝභිත නායක හිමිගේ සහභාගීත්වයෙන් ආගමික වතාවත් සිදු කරන ලදී.
රණවිරුවන්ට සහ ත්‍රිවිධ හමුදාවට ආශිර්වාද පළකළ මෙම පිංකමට මියගිය රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින් සහ රණක්‍ෂිතයට පත් රණවිරුවන් ද එක්ව සිටියහ.

සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල්, ජ්‍යෙෂ්ඨ ත්‍රිවිධ හමුදා සහ පොලිස් නිලධාරීන්, රණවිරුවන්, මියගිය රණවිරු පවුල්වල සහ බැතිමතුන් විශාල පිරිසක් ද මෙම ආගමික ආශිර්වාද වැඩසටහනට එක්ව සිටියහ.

Post Views: 15
Previous Post

බස්නාහිර විශ්ව විද්‍යාලවල උපකුලපතිවරුන් ඇමැති ටිරාන්ව හමුවෙයි

Next Post

පාඨලිලේ ජනරජ දා ‘ජනරජ පෙරමුණ’ එළි දැක්වීමට සුදානම්

editor

editor

Next Post

පාඨලිලේ ජනරජ දා ‘ජනරජ පෙරමුණ’ එළි දැක්වීමට සුදානම්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved