27 April 2024
#දේශීය

රජයේ සේවක වැටුප් වැඩී කිරීම ජනවාරි මස සිට ලබා දීමට සැලැස්මක් – මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්

2024 වසර වෙනුවෙන් ඉදිරිපත් කරනු ලැබූ අයවැය යෝජනා වල සඳහන් රජයේ සේවකයන් සඳහා රු.5000 ක් සහ විශ්‍රාමිකයන්ට වැඩිවූ රු.2500 ක මුදල ලබන ජනවාරි මාසයේ සිට ගෙවීමට රජය දැඩි උත්සාහකය නියැලෙමින් සිටින බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටියි මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ජනාධිපතිවරයා විසින් කෙසේ හෝ මෙම මුදල ජනවාරි මාසයේ සිටම ලබාදීමට කටයුතු කරන ලෙස දැඩි ඉල්ලීමක් කළ බවත් , ඒ අනුව කටයුතු කරමින් සිටින බවයි.

ජනවාරි මාසයේ සිට රජයේ සේවයන්ට රුපියල් 5000 දීමනාව ලබාදෙන්නේ නම් ඒ සඳහා මසකට රුපියල් ලක්ෂ 65000 ක් අවශ්‍ය වන බවත්, විශ්‍රාමිකයන්ට වැඩිවූ රු. 2500 ගෙවීම සඳහා මසකට රුපියල් ලක්ෂ 18000 ක් අවශ්‍ය වන බවත් හෙතෙම සඳහන් කලේය.

කෙසේ වෙතත් රේගුව ඇතුළු ආයතන වලට අයවිය යුතු හිඟ බදු මුදල් අයකර ගැනීම සඳහා රජය මේ වන විටත් දැඩි අවධානය යොමු කර ඇති බවත්, ඒ අනුව එම ලැබෙන ආදායම් කළමණාකරනය කරගෙන හෝ ඉහත වැටුප් වැටුප් වැඩිවීම සිදු කිරීමට අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා එහිදී සඳහන් කළා.

Leave a comment

Your email address will not be published. Required fields are marked *