• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පුනර්ජනනීය බලශක්ති තාක්ෂණය ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට හඳුන්වා දීමේ සැලසුමක්

30 June 2023
in සංවර්ධන

ජර්මානු-ලංකා දේශගුණ තාක්ෂණ ආයතනය නුදුරේදීම ශ්‍රී ලංකාව තුළ දේශගුණ තාක්ෂණ පුහුණු ආයතනයක් පිහිටුවීමට සැලසුම් කර ඇති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය නිවේදනය කරයි.

ඒ සම්බන්ධයෙන් වු සාකච්චාවක් ජර්මනියේ සන් ෆාමින් ගෘප් ඒජී (SunFarming Group AG) හි සභාපති පීටර් ෂ්රුම් ප්‍රධානත්වයෙන් යෝජිත ආයතනයේ කණ්ඩායමක් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සමඟ පසුගියදා පැවැත්විණ.

ජර්මානු-ලංකා දේශගුණ තාක්ෂණ ආයතනය පුනර්ජනනීය බලශක්තිය, නවීන කෘෂිකර්මාන්තය සහ විද්‍යුත් සංචලනය කෙරෙහි අවධානය යොමු කරමින් තිරසාර සහ දේශගුණික හිතකාමී තාක්‍ෂණයන් සඳහා ශක්‍යතා ගොඩනඟන්නක් සහ තාක්‍ෂණ හුවමාරු වේදිකාවක් බව ෂ්රුම් මහතා අග්‍රාමාත්‍යවරයාට පැහැදිලි කළේය.

යෝජිත ව්‍යාපෘති පහසුකම තුළ න්‍යායික සහ ප්‍රායෝගික දැනුම, කාර්මික පුහුණුව මෙන්ම පර්යේෂණ සහ සංවර්ධන අවකාශ ලබා දීමෙන් පුළුල් කුසලතා සංවර්ධන වැඩසටහන් සඳහා ව්‍යාපෘතිය සැලසුම් කර ඇත.

පාරිසරික ප්‍රතිලාභ සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්ති උත්පාදනය සඳහා ප්‍රමුඛත්වය ලබා දෙන බවත් පුනර්ජනනීය බලශක්ති තාක්ෂණය පිළිබඳව ශ්‍රී ලාංකීය තරුණ තරුණියන් පුහුණු කිරීම සඳහා වන එවැනි ව්‍යාපෘති සඳහා රජයේ සහයෝගය ලබා දෙන බවටත් අග්‍රාමාත්‍යවරයාට සහතික විය. ජර්මන් කණ්ඩායම ජනාධිපති ලේකම් කාර්යාලය සහ පරිසර අමාත්‍යවරයා සමඟ තවදුරටත් සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.

සන් ෆාමින් ලංකා ප්‍රයිවට් ලිමිටඩ් ( Sunfarming Lanka (Pvt) Ltd) හි උපදේශක විනෝද් මුණසිංහ මහතා, අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී සහ ජයන්ත ජයමාන්න මහතා මෙම සාකච්ඡාවට සහභාගී විය.

Post Views: 16
Previous Post

ව්‍යාපාරික නියෝජිතයිනි ණය ප්‍රශස්තකරණය පිළිබඳ සත්‍ය තත්ත්වය ජනතාවට පැහැදිළි කර දෙන්න – ජනපති

Next Post

විනයක් ඇති රටවල් ලෝකයේ ඉදිරියටම – අගමැති

editor

editor

Next Post

විනයක් ඇති රටවල් ලෝකයේ ඉදිරියටම - අගමැති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved